IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අලුත් පාලම් 200ක් එයි

වානේ වලින් සැදි පාලම් 210 ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ‍්‍රී ලංකා රජය පසුගියදා අත්සන් කළේය.

ගිවිසුම ඇතිවූයේ ප‍්‍රකට බි‍්‍රතාන්‍යය පාලම් ඉදිකිරීම් සමාගමක් වන ක්ලීව්ලෑන්ඞ් සමාගම සමගය.මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 350 කි.මුදල් ලබාගැනෙනු ඇත්තේ විදෙස් ණයක් ආධාරයෙනි.ව්‍යාපෘතිය වසර 3 ක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර ඇත.මීටර 6 සිට මීටර 30 දක්වා දිග පරාසයන්ගෙන් යුත් පාලම් මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරේ.

ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි පාලම් පිහිටවිය යුතු ස්ථාන සොයා බලා පාලම් ඉදිකිරීම සිදුකෙරෙනු ඇත.මීට අමතරව වැසි සමයේදී විනාශව යන වැල් පාලම් ආදිය පිහිටන ස්ථානවල නව තාක්ෂණික ක‍්‍රම අනුගමනය කොට පාලම් ඉදිකිරීමද සිදුවනු ඇත.දුෂ්කර පළාත්ද රටේ සෙසු පළාත් හා යා කිරීම මගින් සංවර්ධන කාර්යයට එකතු කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

පාලම් ඉදිකිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයන් බි‍්‍රතාන්‍යයේ සිටම ආනයනය කිරීමට නියමිතය.ව්‍යාපෘතියේ වැඩ කටයුතු ලබන ජූලි මාසයේ සිට ඇරඹෙනු ඇත.



අදහස් (0)

අලුත් පාලම් 200ක් එයි

ලලිත් Tuesday, 21 May 2013 03:59 PM

අමුද්‍රව්‍යයන් බි‍්‍රතාන්‍යයේ සිටම ගෙනෙනකොට මොන මොනවාද ගේන්නේ කියලා හොයන්නත් වෙනවා. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 22 May 2013 10:23 AM

ලංකාවේ අමුද්‍රව්‍ය යොදල කරනවා නම් විදේශයෙන් ගන්න ණයෙන් බාගයකට වඩා අඩුකර ගත හැකි බව මගේ අදහසයි (නි)

:       0       0

ගිම්හාණි Saturday, 25 May 2013 12:29 PM

ඔන්න අපිට සතුටු වෙන්න පුළුවන් කරුණක්. ලංකාවේ වගේ යටි මඩි ගහලා 3 නේ පන්තියේ වැඩ කරන්නේ නැහැ මේ මිනිස්සු. කව්රු උනත් මේ තීරණය ගත්තු කෙනාට අපේ ස්තුතිය.(නදී)

:       0       0

වරුණ Friday, 24 May 2013 05:18 PM

දැන් ඇමරිකාවේ සූර්ය කෝෂ හයිකරගෙන ගිහින් ඒවයින් වැඩ ගන්නවා. සමහර ආයන සූර්යකෝෂ නොමිළේ සවිකරලා ඒවගෙන් ලැබෙබන අමතර විදුලිය විකුණලා එයාලගේ වියදම් කපාගන්නවා. ටිකක් කල්පනාකරලා බලන්න ඇමරිකාවට හිරුඑළිය ලැබෙන්නේ කොතරම් අඩුවෙන් ද , ලංකාව එක්ක සන්සන්දනය කරද්දී අපි ලංකාවට වැඩි එළියක් ලැබෙනවා. හොද ආයතනයක් සමග එකතුවෙලා මේ වගේ වැඩක් පටන් ගන්නවනම් හොඳයි. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 22 May 2013 04:10 PM

පාලම් හදනවාට වඩා දුම්රිය ගේට්ටු ටික හැදුවා නම් නේද හොද? (නි)

:       0       0

වරුණ Wednesday, 22 May 2013 11:45 AM

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා මියයන්න කලින් ජීවිතේ අන්තිමට තිබ්බ මුල්ගල තිබ්බේ පානදුරේ ගුවන් පාලම හදන්න. හැබැයි එතුමත් මැරිලා වසර 5ක් විතර වෙනවා. තාම මුල් ගලේ මොටෙයියා වත් ඇදලා නැහැ. ඒත් සමරු පලකයනම් තාම තියෙනවා. අනුමත වුන මුදල් වලට මොකද උනේ කියල දෙයියෝ තමයි දන්නේ?(නදී)

:       0       0

දුමිත් Saturday, 25 May 2013 02:04 PM

මම නම් කියන්නේ මේක ඉතා හොද වැඩක්. මම හොද උදාහරණයක් කියන්නම්, බෙන්තර පාලම සුද්දෝ හදල තියෙන්නේ 1903. ඒක 1908 වෙනකම් පාවිච්චි කරා. තවත් ඒ වගේ ගොඩක් උදාහරණ හොයා ගන්න පුළුවන්. චීනෙට හොද තාක්ෂණයක් තියෙනවා. ඒත් උන් ගෑවුන තැන තියෙන්නේ වංචාව. උන් තරම් තාක්ෂනය හා දැනුම හොරකම් කරන වෙන කවුරුත් නෑ. දන්නා මිනිස්සු දන්නවා.(අ)

:       0       0

හේරත් Saturday, 25 May 2013 06:00 AM

"ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක පාලමක් ගඟට කඩා වැටේ" පුවතක් කලබල වෙන්ට එපා හිත් නරක්කර ගන්න එපා මේවයි අපේ ලොකු අඩු පාඩු. ඔහොම යං.(නදී)

:       0       0

ජෙෆ් Wednesday, 22 May 2013 12:02 PM

ඉතාම අගය කල යුතු කාර්යක්. පාසල් යන දරුවනට, රෝගියකුට, ගොවි මහතුන්ට එදිනෙදා කටයුතු කරගත නොහැකිව දුෂ්කර ගමනේ යෙදෙන ජනතාව වෙසෙන පළාත් සොයා බලා මෙම පාලම් ව්‍යාපෘතිය සිදුවිය යුතුයි. (නි)

:       0       0

නන්දන Tuesday, 21 May 2013 01:40 PM

සාමාන්‍යෙයන් තාක්ෂනයෙන් දියුණු යුරෝපේ ඇමරිකාව වගේ රටවලින් කොමිස් මුදල් දීලා කොන්ත්‍රාත් අල්ලන ක්‍රමයක් නැහැ. මොකෝ හොද බඩු හදන නිසා හොද නමකුත් ඇති නිසා කේවල් කරන්න එයාලට අවශ්‍ය නැහැ. චීන සහ ඉන්දියන් තමයි කොමිස් දෙන්නේ. මොලේ පාවිච්චි කරලා බ්‍රිතාන්‍යයට දීලා තියනවා. ස්තුතියි.(නදී)

:       0       0

නීල් Tuesday, 21 May 2013 02:04 PM

අතුරුගිරියේ වානේ සංස්ථාවේ යකඩ වානේ නැතුවද එංගලන්තයෙන් අමුද්‍රව්‍ය ගේන්නේ. තව තවත් ණය තුරුස් වෙන්නේ අපේ රට දැනටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිසාද? පවුම් ලක්ෂ 350 ක ණය ආපසු ගෙවන්න තරම් ආදායමක් ඔය පාලම් නිසා ලැබෙනවා නම් තවත් ණය වුනාට ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 23 May 2013 05:58 PM

ජය වේවා! පාලම ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම් (නි)

:       0       0

රූපවතී Monday, 27 May 2013 01:45 AM

ඔන්න මේ වැඩේ නම් 100%ක් විශ්වාසයෙන් , අපිට කියන්න පුළුවන් හොද කල් පවතින ශක්තිමත් නිමාවක් වගේම ,ලංකාවේ අමුද්‍රව්‍ය නොගෙන කරන නිසා සාර්ථක නිමාවක්, අතරමැදියන්ගේ ගසාකෑම් නොමැතිව ,අවුරුදු 150 ක් වත් ජනතාවට බුක්ති විදින්න ලැබෙන විදියට නිම කරයි (නි)

:       0       0

අපොන්සු Wednesday, 22 May 2013 05:54 PM

මේ පාලම් ණයේ එක කොන්දේසියක් තමයි ඒ පාලම් එංගලන්තයේ නිෂ්පාදනය කළ යුතුබව. අපිට ඒ ණය අරන් ලෝකයේම ටෙන්ඩර් කැඳවලා කැමති කෙනෙකුට වැඩේ බාර දෙන්න බැහැ. ඒ ණය මුදල පාවිචි කරන්න වෙන්නේ ඒ ගොල්ලා කියන විදියට විතරයි. ඒ ගොල්ලා කියන ගානට, කියන තැනකින් පාලම ගන්න වෙනවා. එහෙම නේද? (නි)

:       0       0

අමල් Wednesday, 22 May 2013 06:01 PM

ඔය කියන හොඳ කොම්පැනියෙන්ම නේද දෙහිවල පාලමත් සැලසුම් කරලා නිෂ්පාදනය කරලා සවිකලේ. දැන් පේනවනේ ඒකේ රඟ, උතුර දකුණ මාරුවෙලා තියෙන හැටි. (නි)

:       0       0

තිසල් Wednesday, 22 May 2013 06:13 PM

මොහමඩ්, නීල් දන්නේ මොන වානේ තාක්ෂණයද? නිකන් කියන්න ඕනෑවට මොනවා හරි කියනවා. පොලවට ඇන්නහම නැමෙන්නේ නැති අලවංගුවක්,උදැල්ලක්, මන්නයක් නොහදන අපි ලංකාවේ අතුරුගිරියේ වානේ සංස්ථාවේ යකඩ වානේ පාලම් ගැන කතාකරනවා. මම ලංකාවට අපහාස කරනවා නොවෙයි. ඔය හැම ආයතනයක්ම කඩාවැටුනේ දේශපාලකයන් නිසාම පමණක් නොවෙයි. අපේ රටේ බොහෝදෙනා කළ හොරකම්,වර්ජන,කම්මැලිකම්,පණ්ඩිතකම් නිසා.අපි හැමදෙනාම වැරදි කර කර දේශපාලකයනට පමණක් බැනල ඇඟ බේරගන්න බලනවා. නමුත් මේවා නිවැරදි කරන්න කවුරුහරි අත තැබුවොත් වැඩවර්ජන.දේශපාලකයොත් හොරු අපිත් හොරු.අවංකව වැඩකරන අය ඉන්නේ ඉතා අතලොස්සයි. මේක තම යථාර්තය. (නි)

:       0       0

අනුර Thursday, 23 May 2013 08:30 AM

ක්ලීව්ලෑන්ඞ් සමාගම ලෝකයේ පළමු පෙලේ සමාගමක් ලෝකයේ ලොකුම එල්ලෙන පාලම හොං කොං වල හැදුවේ ඔවුන්. මමත් එහි වැඩ කලා ඔවුන් සමග ක්ලීව්ලෑන්ඞ් අපේ රටට පැමිනීමත් සතුටක් කොමිස් මුදල් එම සමාගමට අදාල නැත. අදාල උපරිම ප්‍රමිතිය පමණි.(නදී)

:       0       0

අනුර Thursday, 23 May 2013 08:34 AM

අපොන්සු, එය ප්‍රශ්නයක් නොවේ. ඉන්ටර්නෙට් වලින් ඔවුන්ගේ වැඩ බලාගත හැකිය. මමත් එතන වැඩ කළා. අපේ රටට පැමිණීමත් ආඩම්බරයක්. අපේ ඉන්ජිනේරුවන්ටත් හොඳ පුර්වාදර්ශයක් දේවි (නි)

:       0       0

අනුර Thursday, 23 May 2013 08:41 AM

නීල්, අපේ රටේ අයගේ වැඩ අගය කළ යුතු වුනත් ඔවුන්ගේ තත්ත්ව පාලනය නම් ඉතා පහල මට්ටමක පවතී. උසස් ඉන්ජිනේරුවන් කාමර තුලට වී සිටීමත් අලසකමත් වංචාවත් නිසා ඉන්ජිනේරු ශිල්පය බාල්දු වී ඇත. දස අවුරුද්දක් තුල ඉදි කල ගම්පහ පාලම ගිහින් බලන්න (නි)

:       0       0

අනුර Thursday, 23 May 2013 08:45 AM

තිසල්, ඔබ හරි අපේ ඉංජිනේරු ප්‍රමිතිය විවාදයට ලක් කල යුතුය.(නදී)

:       0       0

පාල Thursday, 23 May 2013 08:45 AM

ප්‍රසන්න මහතා කිව වගේ යුරෝපේ ඇතැම් රටවල කොන්තරක් යන්නේ චීනෙට. හැබැයි වෙනසක් තියනවා."ජර්මන් ස්ටෑන්ඩඩ්,"ෆ්‍රෙන්ච් ස්ටෑන්ඩඩ්" කියා කියා ප්‍රමිතීන් ඇත. අපට ඒවා නැත. උදාහරණ නොරොච්චෝලේ. ගෙනත් පිටකොටුවේ විකුණන චීන බඩු.(නදී)

:       0       0

රාණී Thursday, 23 May 2013 08:47 AM

තිසල් ඔය කිව වගේ මට මතකයි ඉස්සර ලංකාවේ පාපැදියක් හැදුව මොනර කියල. අපේ තාත්ත එකේ දෙන්නෙක් දාල ගියහම පාපැදිය ටිකක් ඇදවෙලා. ඒකට රැලේ බයිසිකලේ කොහොමද?(නදී)

:       0       0

අරුණ Tuesday, 21 May 2013 02:39 PM

මේතරම් දියුණු ලෝකයක ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න දිනපතා කතාකරන එක නැවැත්වීමට ගත් හොඳ ආරම්බයක්. දැන් කාපට් නොකරපු පාරක් සොයා ගන්න බැරි ගානයි (නි)

:       0       0

නීල් Tuesday, 21 May 2013 02:42 PM

ඇත්ත ! ඇමෙරිකාව එංගලන්තය කොමිස් මුදල් දෙන්නේ නැහැ ව්‍යපෘති අරගන්න. ඒ හොඳ බඩු හදන නිසාවත් හොඳ නමක් තිබෙන නිසාවත් නොවෙයි, ලෝක දේශපාලන ආධිපත්‍ය නිසා. මෙතන ප්‍රශ්නය තියෙන්නේ ලෝකෙට ණයවෙලා ටිප් ටොප් වැඩ ජේත්තුවට කරන එකේ අර්ථය කුමක්ද යන්නයි, මෙච්චර අපේ රටේ වානේ තියෙද්දී. (නි)

:       0       0

පාල Thursday, 23 May 2013 02:19 PM

අපේ රටේ කිසිදෙයක් හරි යන්නේ නැතිවෙන්න හේතු 1.උග්‍ර පන්ති බේදය 2.උග්‍ර නිලදාරීවාදය 3 උඩ සිට පහළටත් පහල සිට ඉහළටත් වැළදුන හොරකම,වංචාව,අල්ලස. 4 කම්මැලිකම 5 ලංකාවේ කළු ආර්ථිකයක් බිහිව තිබීම. 5 මිනිසුන්ගේ අපේක්ෂා බංගත්වය. 6 ලොව වැඩිම නිවාඩු ඇති රට වීම. 6 අසාදාරන වැඩවර්ජන. (නි)

:       0       0

ඩිල්ස් Wednesday, 22 May 2013 05:22 AM

මේක බොහොම හොඳ වැඩක්, නමුත් ගමේ දුෂ්කර පාලම් වලට පළමු තැන ලැබිය යුතුයි. රූපවාහානියේ පෙන්නපු දුෂ්කර පාලම් වලට ලැබිය යුතුයි.(නදී)

:       0       0

රංජනී Saturday, 25 May 2013 10:03 AM

අන්න හරියටම හරි තැනට වැඩේ දුන්නා අවරුදු ගානක් පවතින්න වැඩේ කරාවි. හැදුවොත් හැදුවම තමා බය නැතුව පාලම් උඩින් යන්න පුළුවන්. අපි නම් කවදාවත් අහල නැහැ මේ රටේ පාලමක් කැඩුනා කියලා. ලංකාවේ ඒකටත් එක්කලා?(නදී)

:       0       0

චන්ද්‍රිකා Saturday, 25 May 2013 11:27 PM

මට හිතෙන විදියට මෙය හොඳ වැඩක්. අපේ අය හදපු හුඟක් කොන්ක්‍රීට් පාලම් කෙටි කලකින් විනාශ උනා. මේ කරන වැඩෙන් අපිට අලුත් යමක් ඉගෙනගන්න පුළුවන්. අනික ලංකාවේ අයට කොන්ත්‍රාත් එක දුන්න කියල ලාබයක් ලබන්න හැකිවෙන එකක් නැහැ. අනික ලංකාවෙන් ශ්‍රමය ගනීවි. තරුණ විරැකියාවට විසඳුමක්. චීනෙට දුන්නොත් ශ්‍රමයත් චීනෙන්.(නදී)

:       0       0

රංජනී Saturday, 25 May 2013 10:12 AM

ඇමෙරිකාවේ ඔහොම පාලම් කැඩුනට එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ,හේරත් ඇමෙරිකාවත් දැන් ලංකාව වගේද? (නි)

:       0       0

නීල්-රානා Saturday, 25 May 2013 05:28 PM

එංගලන්තේ මිනිස්සු බුද්ධිමත්. හදන බඩුත් ගුණාත්මක වගේම කල්පවතිනවා. ඒ නිසා තමයි අරාබි, පෘතුගීසි හා ලන්දේසි යන තෙවර්ගයම ලංකාවේ ගැහැනුන් සමග මරක්කල හා ලංසි නමින් පරපුරක් බිහි කළාට ඉංග්‍රීසින් එසේ නොකළේ. නමුත් මෙතන ප්‍රශ්නය එය නොවෙයි. අත්‍යවශ්‍ය නොවනදේට ලෝකෙට ණයවීම, මීටර කීපයක පාලමක් තනිව සාදා ගත නොහැකි පසුගාමී මානසිකත්වයක් තිබීම, හැමදාම සුද්දන් ඇවිත් හොඳ වැඩ කරදෙනතෙක් බලා හිඳිමින් අපේ අය පාදඩකම් කිරීම පුරුද්දක් කර ගැනීම වැනි දේවල්.(නදී)

:       0       0

ගයාන් Tuesday, 21 May 2013 03:00 PM

ගොඩාක් හොද වැඩක්

:       0       0

ප්‍රසන්න Wednesday, 22 May 2013 07:23 PM

එංගලන්තෙන් හදන නිසා කට්ටිය මුකුත් කියන්නේ නැහැ වගේ. එහෙනම් වේ හොදයි වගේ. හැබයි ඔය ඔස්ට්‍රලියාව වගේ රටවලත් පාලන, මාර්ග හදන්නේ චීන කොම්පැනි. කමක් නැහැ කොහොම හරි අපේ රට දියුණු වෙනවානම්. අපිට සතුටුයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 23 May 2013 02:36 PM

මේක එංගලන්තෙට දුන්න එක හොදයි. නැත්නම් අර නොරෝච්චෝලේ වගේ කරච්චලයක් වේවි. බ්‍රිතාන්‍ය ප්‍රමිතියක් ඇතුව හදනවා නම් බය වෙන්න දෙයක් නැහැ. චීන, ඉන්දියන් වැඩ වලින් රටට ලාභයක් නැහැ. නමුත් විශාල කොමිස් මුදලක් දේශපාලකයන්ට ගෙවනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රමිතියකට නැති නිෂ්පාදනයක් සහ විශාල ණය බරක් පමණි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 66 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 56 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 46 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2052 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 661 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 286 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site