ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය සඳහා වන 72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේ දී පැවැත්විණි.
එහිදි ඒකදේශික රෝග තුරන් කිරීම, හදිසි තත්ත්වවලට සූදානම් වීම සහ පසුම්බියෙන් වැය වන මුදල් අඩු කිරීම සඳහා විශ්වීය සුව සේවා ඉලක්ක සහ අරමුණු සපුරාගැනීම කෙරෙහි මෙවර සැසියේදී අවධානය යොමු කෙරුණි.
මහජන සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් රටවල් හයක සෞඛ්‍ය අමාත්‍යවරුන් කලාපීය කමිටුවේ ඇගයීමට ලක්විය. දකුණු හා නැගෙනහිර සහ අග්නිදග ආසියානු රටවල් ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට නිවහන වේ.
මෙම සැසියේදී ශ්‍රී ලංකාව සරම්ප තුරන් කළ රටක් ලෙස හඳුනාගත් අතර, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ තායිලන්තය හෙපටයිටිස් බී පාලනය කිරීමට සමත්වූ කලාපයේ පළමු රටවල් ලෙස හඳුනා ගැනිණි. එමෙන්ම මවගෙන දරුවට එච්.අයි.වී සහ සිෆිලිස් (උපදංශය) රෝගය තුරන් කළ පළමු රට ලෙස හඳුනාගැනිණි.
“රෝග තුරන් කිරීම අපේ න්යායපත්රවල ඉහළින්ම තිබුණා. අපි හැම තිස්සෙම තිරසර බව ගැන කතා කරනවා. ඒ වගේම කඩිනම් පියවර ගැනීම නවෝත්පාදනය ගැනත් කතා කරනවා. අපි කඩිනම ගැන කතා කරන්නේ රෝග තුරන් කිරීම ගැනයි. අපි හැමතිස්සෙම රෝග තුරන් කිරීම විශේෂයෙන්ම නිවර්තන කලාපයේ රෝග තුරන් කිරීමට පියවර ගන්නවා. ඒවා ඉක්මන් කරනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්යක්ෂ ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් සඳහන් කළාය.
හදවත් රෝග, දියවැඩියාව සහ පිළිකා ආදී බෝ නොවන රෝගවලට එරෙහිව සටන් කිරීම ප්‍රතිශක්තීකරණ වැඩසටහන් වේගවත් කිරීම, දේශගුණික විපර්යාසවලින් සිදුවන සෞඛ්‍ය බලපෑම්, සරම්ප සහ ක්ෂය යනාදී බෝවන රෝග තුරන් කිරීම කෙරෙහිද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කෙරුණි.
කලාපයේ රටවල් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් 2014 වසරේදී මෙම කලාපය පෝලියෝ රෝගයෙන් නිදහස් කලාපයක් බවට පත්විය. එමෙන්ම ශක්තිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපය 2016 වසරේදී මාතෘක (මවු) සහ උපතේදී ඇතිවන පිටගැස්ම රෝගවලින් නිදහස් කලාපයක් බවට පත්විය.
“සෞඛ්‍ය ක්ෂේත්රයේ මානව සම්පත් සවිබල ගැන්වීම සඳහා නන්ය ප්‍රතිපත්ති, පසුම්බියෙන් වැයවන මුදල් අඩු කිරීම, වෛද්‍ය නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම පුද්ගලයකුට සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති හැකියාව වැඩි කිරීම යනාදියෙන් ප්‍රගතිය තිරසරව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම කලාපයේ මහජන සෞඛ්‍ය ඉලක්ක සහ අරමුණුවලට ළඟාවීම වේගවත් කරන්න පුළුවන්” යැයි ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් කීවාය.
ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් කලාපීය අධ්යක්ෂ ධුරයට දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්විය. දෙවැනි ධුර කාලය ලබන වසරේ පෙබරවාරි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.
“අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ විප්ලවයක් සිදුවෙනවා. ඉලක්ක තබා තිබෙනවා. එම ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කඩිනම් සහ නව්‍ය ප්‍රතිපත්ති තීරණ ගෙන තිබෙනවා. රෝගවලින් තොර ඉන්දියාවක් නිර්මාණය කිරීම සහ ගෝලීය සෞඛ්‍ය තත්ත්ව සහ ප්‍රමිත ස්ථාපිත කිරීමට අපි පියවර ගනිමින් ඉන්නවා.විශ්වීය සෞඛ්‍ය සේවා ඉලක්ක සපුරාගැනීම සඳහා අපි කඩිනම් පියවර ගනිමින් ඉන්නවා” යැයි සැසියේදී අදහස් දැක්වූ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හර්ෂ් වර්ධන් පැවැසීය.
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්රතාන්ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේදී