ඔස්ට්‍රියාවේ පිහිටි නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස කඩා දැමීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. දැනට පෞද්ගලික අයිතිකාරියක භාරයේ පවතින තෙමහල් ගොඩනැගිල්ල නව නාසිවාදීන්ගේ කේන්ද්‍රස්ථානයක් වීම වැලැක්වීම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඔස්ට්‍රියා අභ්‍යන්තර ඇමැති පවසයි.
මෙම නිවස පවත්වාගෙන යනවාද නැද්ද යන්න දීර්ඝ සම්බන්ධව කාලයක් තිස්සේ විවිධ මතභේද පැන නැගී ඇති අතර හිමිකාරිය රජයට නිවස විකිණීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ. නමුත් අවසානයේ රජයේ තීරණය වී ඇත්තේ නිවස කඩාබිඳ දමා ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකළ යුතු බවයි. ඉදිකරන නව ගොඩනැගිල්ල පුණ්‍ය කටයුත්තක් සඳහා යොදා ගැනීමටද යෝජනා වී ඇත.
රජයේ මෙම තීරණය සම්බන්ධව බොහෝ විරෝධතාවයන් ඇතිවිය හැකි බව විචාරකයෝ පවසති. නාසි පාලනයෙන් ඔස්ට්‍රියාව නිදහස්වීම සම්බන්ධව කෞතුකාගාරයක් ගොඩනැගීම හෝ සරණාගත මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සම්බන්ධවද යෝජනා ඉදිරිපත් වී ඇත.
2025 දෙසැම්බර් මස 04
244
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
394
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටලර් උපන් නිවස කඩා දමයි ?
සුමේධ Thursday, 20 October 2016 11:05 AM
මහා අපරාධයක් මේක.(හේ)
සුසිල් Wednesday, 19 October 2016 03:09 AM
මේක ලොකු අපරාධයක්.(හේ)
කාන්ති Wednesday, 19 October 2016 03:31 AM
මෙපමණ ලස්සන ගෙදරක් කඩා දමන එක නම් හරිම අපරාදයක්. (හේ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 18 October 2016 12:36 PM
බොහොම හොඳ අදහසක් ශ්‍රී ලංකාවේ තිස් වසරක් පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසානයේදී රජයේ හමුදා අල්ලා ගත් කොටි මර්මස්ථානත්, ගොඩනැගිලිත්, කෞතුකාගාර විදියට පරිවර්තනය නොකර විනාශ කල යුතුවෙනවා!(අ)
රොකි Tuesday, 18 October 2016 01:27 PM
හිට්ලර් පගා ගැහුවේ නැත. ටෙන්ඩර් මගඩිවල යෙදුනේ නැත. කොමිස් ගැහුවේ නැත ස්විස් බැංකුවල මුදල් තැන්පත් කළේ නැත. කාඩයන් වගේ ජන සමාජයේ හැසිරෙන පුත්තු ඔහුට සිටියේ නැත. `රෙස්ට් හවුස් ඉන්ටවිව්` මගින් කෙල්ලන්ට ජොබ් දුන්නේ නැත. ඥාති හැතිකරේට රට උලා කන්නට දුන්නේ නැත. රටේ සම්පත් විදේශිකයන්ට වික්කේ නැත. ඔහු තම රටට සහ ජාතියට දැඩිලෙස ප්‍රේම කළේය. අපේ රටේ දේශපාලුවන් සමග සංසන්දනය කර බැලුවාම ඔහු දෙවියෙකි. (අ)
රොකී Thursday, 20 October 2016 01:46 AM
දිලිප් වික්‍රමරත්නට, `අපේ දේශපාලුවන් සමඟ සංසන්දනය කර බැලුවාම` යන කොටසකුත් තියනබව නොපෙනීම පුදුමයක්. මේ රොකී හොඳට පොතපත කියවන එමෙන්ම කියවපු පරණ මිනිසෙක්. (නි)
ලක්මාල් Tuesday, 18 October 2016 04:15 PM
සමහරු නාෙදන්නා දේ කියවනවා, හිට්ලර් වටා ගෙතුනු කථා, පාෙතපත, චිත්‍රපට වැනි ද්‍ෙ පරිශීලනය නාෙකර. (නි)
දිලිප් වික්‍රමරත්න Thursday, 20 October 2016 05:15 AM
රොකි දකුණු ආසියානු දේශපලනය තුල හොරකම් නොකරන , මගඩි වැඩ නොකරන දේශපාලකයන් සිටිනා රටවල් කොහෙද .? ඒ කිසිවක් හිට්ලර් වැනි මනුෂ්‍ය සංහතියටම නින්දාවක් වූ තිරිසන් අයකුට සමාන කිරීමෙන්ම ඔබගේ බුද්ධිය ගැන වැටහීමක් ලැබිය හැක .(ම)
අබය Tuesday, 18 October 2016 08:43 PM
රොකී හරි. ඒ කාලයේ හැටියට ඔහු රට සහ ජාතිය ගැන සොයා බලා ඒ අනුව කටයුතු කළේය. තම ජාතියට බෙහෙවින් ඇලුම් කළේය. එහෙත් වර්තමානයේ ගෝලීයකරණය වී ඇති ලෝකය දෙස බැලූ කල ඔහු ජාතිවාදියෙකි. මිනීමරුවෙකි. ඔහු වැනි දේශප්‍රේමී නායකයින් හට ආයුෂ නැත. (නි)
දිලිප් වික්‍රමරත්න Tuesday, 18 October 2016 09:57 PM
රොකි, ඔය දුපතේ ජීවත්වුණාට කමක් නැහැ. තව පොතපත කියවන්න. ලෝකයේ මිලියන ගණනක් මිනිසුන්ගේ මිනීවළවල් තැනු හිට්ලර් දෙවියෙකු නම්, ළඟදීම ප්‍රභාකරන්ද ඔබට දෙවියකු වනු නොඅනුමානය. (නි)
ලලින් Wednesday, 19 October 2016 01:30 PM
රොකි කියපු දේ යම් තරමක් සත්තයි. (අ)