IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග විවෘත කරන්න සූදානම්

ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියෙන් පසු වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීම ගැන සලකා බැලීමට පාකිස්තාන රජය සූදානම් යැයි එරට විදේශ ඇමැතිනී හීනා රබානී කාර් පවසයි. ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල පිහිටි පාකිස්තාන හමුදා මුරපොළක සෙබළුන් මියගියේ මීට මාස 6 කට පෙරය. එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් පාකිස්තාන රජය දැඩි තීරණයක් ගෙන පාකිස්තානය හරහා දේශසීමා ඔස්සේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදාවලට අවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කරන සැපැයුම් මාර්ග වසා දැමුණි. ඊට අමතරව ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක් ඉවත් කර ගන්නා ලෙස පාකිස්තාන රජය ඇමෙරිකා හමුදාවට දැනුම් දුන්නේය. පාකිස්තාන සෙබළුන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය සිය කනගාටුව ප‍්‍රකාශ කර තිබුණ ද පාකිස්තාන රජය ඊට කන් නොදුන්නේය. එදා සිට ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර හිත් අමනාපකම් වර්ධනය වූ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට ලබා දුන් මුදල් ආධාර ද නවතා දැම්මේය. අවශ්‍ය බඩු බාහිරාදිය නොලැබීම නිසා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල යෙදෙන ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉමහත් දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තා වේ. ”ඇමෙරිකාව කළ දේට පාකිස්තාන රජය දැඩි තීරණයක් ගත්තා. සැපැයුම් මාර්ග වසා දමා ඊට ප‍්‍රතිචාර දැක්වූවා. එය තව දුරටත් දිග් ගස්සා ගන්න කරුණක් නොවේ. පාකිස්තාන රජය සූදානමින් සිටිනවා සැපැයුම් මාර්ග යළි විවෘත කර ඇමෙරිකා රජය සමඟ පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමට” යැයි පාකිස්තාන විදේශ ඇමැතිනී රබානී කාර් පෙන්වා දෙයි. මිතුදම් ශක්තිමත් කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් සහ පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී අතර විශේෂ සාකච්ඡුාවක් පසුගිය සති අන්තයේදී පැවැත්විණි. සැපැයුම් මාර්ග විවෘත කරන්නැයි පාකිස්තාන රජයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකරන බවත්, සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කළ බවත් එම අවස්ථාවේදී ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග විවෘත කරන්න සූදානම්

ගමගේ Wednesday, 16 May 2012 02:49 PM

ඒක හොඳ අදහසක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 248 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site