වයඹදිග පාකිස්තානයේ කුරාම් ගෝත‍්‍රික පිරිස් වැඩි වශයෙන් වෙසෙන ජොගී ප‍්‍රදේශයේ පෙරේදා (31) පාකිස්තාන හමුදාවන් හා ප‍්‍රචණ්ඩකාරීන් අතර හටගත් ගැටුම් නිසා සෙබළුන් 10 දෙනෙකු හා ප‍්‍රචණ්ඩකාරීන් 40 දෙනෙකු මියගිය අතර, සිවිල් වැසියෝ 32 ක් තුවාල ලැබූහ. නැවතත් හටගත් මෙම ගැටුම් නිසා, ප‍්‍රචණ්ඩකාරී පිරිස් හා පාකිස්ථාන රාජය අතර සාම සාකච්ඡා බිඳ වැටීමට ඉඩ ඇතැයි යුද නිරීක්ෂණ කණ්ඩායම් කියා සිටිති. මෙම ගැටුම් හට ගැනීමට හේතුවූයේ ප‍්‍රචණ්ඩකාරීන්, ජොගී හි ආරක්ෂක මුරපොළකට ප‍්‍රහාර එල්ල කිරීමයි. ජොගී ප‍්‍රදේශය පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තාන මායිමේය. මියගිය ප‍්‍රචණ්ඩකාරීන්ගේ පිරිස ඉතා අඩු බව ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය කියයි. රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට පටහැනි ප‍්‍රකාශ හා මියගිය සංඛ්‍යා අඩුකර දැක්වීමට ප‍්‍රචණ්ඩකාරී සංවිධාන බොහෝ අවස්ථාවල ක‍්‍රියාකරති. අල්කයිඩා සංවිධානයට හා ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ පාකිස්තානයේ තලෙයිබාන් සංවිධානයේ සාමාජික පිරිස්, වයඹදිග පාකිස්තානයේ ජොගී ප‍්‍රදේශය පුරා පැතිර සිටිති. මුරපොළට ප‍්‍රහාර එල්ලවූ අවස්ථාවේදී පාකිස්තාන හමුදා ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ අතර ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාද කැඳවන ලදී. පාකිස්තාන රජය හා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තලෙයිබාන් සංවිධානය අතර පැවැති ගවේෂණාත්මක සාම සාකච්ඡා මෙතෙක් ප‍්‍රතිඵල රහිත, ප‍්‍රගතියකින් තොරව අවසන්වී තිබේ. තවද මීට පෙර පැවැති සාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට රජය සමත් වී නොමැත.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක්
නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු
දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය. සිරියානු රජය ටයිස් අත්අඩංගුවට ගත්තේ ඔහු ඩමැස්
සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සහ විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි විම
සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් සාකච්ඡා
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
වයඹදිග පාකිස්තානයේ රජයේ හමුදා ප‍්‍රචණ්ඩකාරී සංවිධාන අතර යළි ගැටුම්