පසුගිය අට වැනිදා යේමනයේ අවමගුල් උත්සවයක් ඉලක්ක කර එල්ල කැරුනු ගුවන් ප‍්‍රහාරය වැරදීමකින් එල්ල කැරුණක් බව සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානය පිළිගෙන ඇත.
මෙම ගුවන් ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 140 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙන සිවිල් වැසියෝය.
ප‍්‍රහාරය එල්ල කැරුනු දිනයේ පටන් සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයට අන්තර්ජාතික මට්ටමින් නොයෙක් විවේචනයන් එල්ල වූ අතර ඊට පිළිතුරු ලබාදීමක් ලෙස ස්වාධීන විමර්ෂණයක් ආරම්භ කැරින.
එම විමර්ෂණයෙන් අනාවරණයව තිබෙනුයේ ගුවන් ප‍්‍රහාරය එල්ල කළ යානා වල සිටි නියමුවන්ට, අවමගුල් උත්සවයට සහභාගීව සිටින්නේ හූදී නායකයින් බවට සාවද්‍ය තොරතුරු ලබාදීමක් සිදුව ඇති බවය.එම තොරතුරු ලබාදුන් යේමන ගුවන් පාලක මධ්‍යස්ථානය, ප‍්‍රහාරය එල්ල කිරීම සදහා සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයේ අවසරය ලබාගෙන නැතැයිද විමර්ෂණ වාර්තාවෙන් චෝදනා කර තිබේ.
විපතින් හානියට පත්වූවන්ට වහා සහන සැළසීම සදහා ඔවුන් හදුනාගැනීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර තිබේ.
සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයට ඇමරිකාවේ සහය හිමිය.නමුත් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් වොෂින්ටනයද දැඩි අප‍්‍රසාදය පලකරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
යේමන රජයේ ආරක්ෂක අංශ හා හූදී සටන්කාමිීන් අතර ඇවිලෙමින් තිබෙන ගැටුම් වලින් මේ වන විට සිවිල් වැසියන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ගණන් බලා ඇත.සෞදි අරාබිය ප‍්‍රමුඛ අරාබිකරයේ රටවල් 14 කින් සැදුම්ලත් සන්ධානයක් යේමන රජයට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යේමන ප‍්‍රහාරය වරදක්
නිමල් රාජපක්ෂ Sunday, 16 October 2016 09:49 PM
ඉරාකයට ගහනවිට මේ සංවිධානය කොහෙද හිටියේ? ඉරාකය විනාශකරන්න මේ අය වක්‍රව ඇමරිකාවට සහය දුන්නද කියලා දැන් සැකයක් උපදිනවා. මොකද මේ සංවිධානය යේමනයට දක්වන සහය ඉරාකයට නොදැක්වීම පුදුමසහගතයි (නි)