IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


බයිඩන් ජින්පින් හමුවක්

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම හමුවේ අරමුණ දෙරට අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීම බව ධවල මන්දිරය මෙන්ම චීන විදේශ කටයුතු අමත්‍යාංශය ද නිවේදන නිකුත් කරමින් පෙන්වා දී ඇත.

බයිඩන් පරිපාලනය චීනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ කරයි. චීනය ද ඊට කැමැත්තක් දක්වා ඇත. 'කොප්26' සමුළුවේදී ද කාගේත් පුදුමයට හේතුවක් වන අයුරින් ඇමෙරිකාව සහ චීනය කාබන් විමෝචනය අඩු කිරීමට සහයෝගයෙන් වැඩ කරන බව පැවැසීය.

හෙට (15) පැවැත්වෙන හමුවේ දී, චීන තායිවාන අර්බුදය, චීනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ඇමෙරිකා චීන වෙළෙඳ කටයුතු පිළිබඳවත්, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කෙරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් බලයට පැමිණියේ, චීනය ඇමෙරිකානුවන්ට තර්ජනයක් බවත්, චීනය ඇමෙරිකානුවන්ට රැකියා අවස්ථා අහිමි කර ඇති බවත් පවසමිනි.

ට්‍රම්ප් පරිපාලන සමයේ ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීමක් කළ බැවින්, දෙරට අතර වෙ‍ෙළඳ යුද්ධයක් නිර්මාණය විය.

කෙසේ නමුත් මෙම වසර ආරම්භයේ දී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් බයිඩන් බලයට ආ විට කියා සිටියේ චීනය සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා බවය. කෙසේ නමුත් චීනයේ 'මැරකම්'වලට එරෙහිව සැමවිටම දැඩි තීන්දු තීරණ ගැනීමට ද තමන් පසුබට නොවන බව ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

බයිඩන් ජින්පින් හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 392 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site