මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ඉන්දියාවේ පිහිටි බුද්ධගයාන් ආශ්රම් අසපු ශාඛාවේ වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ මේ දිනවල රෝගාතුර වී දිල්ලියේ ශ්රී ගංගාරාම් රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
කුසලචිත්ත හිමියන් නිසා ශ්රී ලංකාවේ සිට දඹදිව බුද්ධ වන්දනාවේ ගිය බොහෝ පිරිසකට සිත සතුටින් බුද්ධගයා පින්බිම වන්දනා කරගැනීමට හැකිවූ බවත්, ඉන්දියානු ජාතික බොහෝ පිරිසක් තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවට පැමිණි බවත් පෙන්වා දී ඇති බවත් මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නිවේදනයක් මඟින් දන්වා ඇත.
මේ වන විට මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා ද කුසලචිත්ත හිමියන් වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කරමින් මෙත් සිත වඩමින් පින් අනුමෝදන් කරන බවත් සියලු දෙනා එකතුවී උන්වහන්සේට නීරෝගී සුවය ප්රාර්ථනා කරන ලෙසත් ඤාණානන්ද හිමියෝ ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!! හිමිට ඉක්මන් සුව! (නි)
ඉක්මන් සුව පතමි! (නි)
ඉක්මන් සුවය , නිදුක් නිරෝගිකම වහ වහා ළඟාවේවා! (නි)
බුද්ධගයාව අවට ජීවත්වන බොහෝදෙනා වෙත බුදුරජාණන් වහන්සේ කියාදුන් ජීවන චර්යාව ප්රගුණ කිරීමෙන් ලබාගතහැකි ලෞකික සුභසෙත පිළිබඳව මහන්සියෙන් කරුණු පහදා දීම උදෙසා කුසලචිත්ත හිමියන් විසින් ගන්නා උත්සාහය මිල කළ නොහැකියි. උන්වහන්සේට ඉක්මන් සුවය ලැබේවායි ප්රාර්ථනා කරමු. (නි)
ඔබ වහන්සේට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! (නි)
කුසලචිත්ත හිමියන් 16 වනදා අපවත් වූ බව දැනගැනීමට ලැබුන. පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ශිෂ්ය භික්ෂුන් වහන්සේ නමක් වන මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ඉන්දියාවේ පිහිටි බුද්ධග්යාන් ආශ්රම් අසපු ශාඛාවෙහි වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට මුළු ජීවිත කාලය පුරා අප විසින් රැස් කළ සියලු පිනුත් මේ ගෞතම බුදු සසුනේදීම වහ වහා උතුම් චතුරාර්ය සත්යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතුවාසනා වේවා. (ස)
උන්වහන්සේ මීට ටික වෙලාවකට පෙර ලොවම කම්පාකර අපවත් වූ සේක. උන්වහන්සේට නිවන්සුව ලබේවා(අ)
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ග ආයුස ලැබේවා-ටොරොන්ටෝ සිට (නදී)
අනියත දහම පසක් කල හිමි සඳ (අ)