IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පෝලන්ත-බෙලරූස් දේශසීමා අර්බුදය ඔඩුදුවයි

පෝලන්ත බෙලරූස් දේශසීමා අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, එය මේ වනවිට මානව ඛේදවාචකයක් තෙක් දුරදිග ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලන්ත බෙලරූස් දේශසීමාවේ 'කුස්නිකා' පිවිසුම අසල සිරවුණු විදෙස් සරණාගතයන් ගණන දෙදහසකට ආසන්නය. එම සරණාගතයන්ගෙන් වැඩි දෙනා මැදපෙරදිග රටවල වැසියන් බවත්, එයින් ද වැඩි දෙනා ඉරාක ජාතිකයන් බවත් වාර්තා වේ.

දේශසීමාවේ 'කුස්නිකා' පිවිසුමේ ආරක්ෂාවට පෝලන්ත රජය හමුදා සොල්දුදාවන් 15,000 ක් යොදවා ඇත. දේශසීමාව හරහා යෑමට නොහැකිව වනාන්තරයේ තාවකාලික කඳවුරු අටවාගත් සරණාගතයන් දැඩි සීතලෙන් බැටකන බවත්, ඔවුන්ට ආහාර හෝ බීමට ජලය හෝ නොමැති බවත් ද පැවැසෙයි.

කුඩා දරුවෝ බොහෝ දෙනෙක් මෙම පිරිස අතර වෙති. දැඩි සීතල දරා ගැනීමට නොහැකිව වයස්ගත පුද්ගලයන් 12 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුරෝපා රටවලට යෑමට උත්සාහ ගන්නා සරණාගතයන්, (විශේෂයෙන් මැද පෙරදිග රටවල) යුරෝපයට ඇතුළු වන්නේ බෙලරූස් රාජ්‍යය හරහාය. බෙලරූස් රජයේ අනුග්‍රහය සහ සහාය එම සරණාගතයන්ට හිමිවෙයි.
බෙලරූසය සහ පෝලන්තය එක ළඟ පිහිටි රටවල් වන අතර, මෙම රටවල දේශසීමා වනාන්තර මැදින් දිවයයි.

නාමිකව පැවැති එම දේශසීමා මේ වනවිට කටු කම්බි යොදා හරස් කිරීමට පෝලන්තය කටයුතු කර ඇත. ඒ, බෙලරූසයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් තම රට හරහා යුරෝපා රටවලට ඇතුළුවීම වළක්වාලමිනි.
බෙලරූස් රාජ්‍යය සහ යුරෝපා රටවල් අතරේ අර්බුද පවතී.

ඒ, දීර්ඝ කාලයක් තිස්සේ බෙලරූසයේ ජනාධිපති ධුරයේ කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ පවතින මත ගැටුම් නිසාය. අතීතයේ බෙලරූසය සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසක් විය. බෙලරූස් ජනාධිපතිට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සහාය නොඅඩුව හිමිවෙයි.

යුරෝපා සංගමයේත් යුරෝපා රටවලත් සහාය හිමිවන්නේ බෙලරූස් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට වන අතර, බෙලරූස් ජනාධිපතිවරයා එම විපක්ෂ දේශපාලන නායකයන් සහ ක්‍රියාකාරීන් කණ්ඩායම් දැඩි ලෙස මර්දනයට ලක් කර තිබේ.

බෙලරූස් බන්ධනාගාරවල රඳවා ඇති විපක්ෂ ක්‍රියාකාරීන් ගණන 3,600 කට වැඩිය. විපක්ෂ දේශපාලන නායක නායිකාවන් සහ බෙලරූස් ජනපතිගේ උදහසට ලක්වුණු බොහෝ දෙනා  බෙලරූසයෙන් පලා ගොස් ඇත්තේ ද මේ නිසාය.

මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ජනාධිපති ලුකෂෙන්කෝ ට චෝදනා එල්ල වී ඇති අතර, යුරෝපා සංගමය නේටෝ සංවිධානය සහ ඇමෙරිකාව බෙලරූස් රාජ්‍යයට ආර්ථික, වෙළෙඳ සම්බාධක පැනැවීමක් කර තිබේ. ඊට අමතරව, භාණ්ඩ අපනයනයට එරෙහිව ද සම්බාධක පනවා අවසන්ය.

මැදපෙරදිග රටවල පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුද, සිවිල් යුද ගැටුම් හේතුවෙන් යුරෝපයට පලා යෑමට උත්සාහ ගන්නා සරණාගතයන්, එසේ යුරෝපා රටවලට බලා යෑමට බෙලරූස් රාජ්‍යය තෝරා ගෙන ඇත්තේ බෙලරූස් රජයේ සහාය ඊට හිමිවන බැවිනි.

යුරෝපා සංගමය චෝදනා කරන්නේ, බෙලරූස් ජනාධිපතිවරයා යුරෝපා රටවල් අස්ථාවර කිරීමේ අරමුණින් සංක්‍රමණිකයන්ට යුරෝපා රටවලට ඇතුළු වීමට ඉඩ සලසා දෙන බවය.

මේ අතර, රුසියාවේ ඉරාක තානාපති කාර්යාලය පවසා ඇත්තේ පෝලන්ත බෙලරූස් දේශසීමාවේ සිරවුණු ඉරාක සරණාගතයන්ට පිහිටවීමට මැදිහත් වෙන බවත්, ආපසු ඉරාකයට යෑමට කැමැත්තෙන් පසුවන ඕනෑම කෙනකු ඉරාකයට රැගෙන යෑමට පියවර ගන්නා බවත්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

පෝලන්ත-බෙලරූස් දේශසීමා අර්බුදය ඔඩුදුවයි

hira Friday, 12 November 2021 05:13 PM

තම්බි... යුරෝපයට දෙන්නයි යන්නේ..

:       2       62

බද්රානි Friday, 12 November 2021 09:33 PM

අනේ ඔහෙලා වගේ නිහීනයෝ නෙමෙයි යුරෝපයේ ඉන්නේ. යුරෝපීය ජාතිකයින් ඉතාමත්ම කාරුණික වැදගත් ජාතියක්. ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳ ගනියි ලස්සනට. ඔහෙට මොකටද ඒවා? එනවා මෙතන ලොකු කම් කියවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 268 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site