
ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා සම්පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය පියවර ගෙන තිබේ.
එන්නත් ලබා ගෙන නොමැති සේවකයන් සඳහා කාලය දීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා කල් දීමට බලාපොරොත්තු වන බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජීද් ජවාද් පැවැසීය.
සේවකයන් 103,000ක් පමණ තවම එන්නත්කරණයට ලක්ව නැතැයි ද හෙතෙම කීය.
රෝගීන්, මෙන්ම සමස්ත ජාතික සෞඛ්‍ය සේවයම ආරක්ෂා කරගැනීමට මෙය උපකාරී වනු ඇතැයි ද ජවාද් කීවේය.
කෙසේ නමුත් මෙම තීරණය හේතුවෙන් ඇතැම් සෞඛ්‍ය සේවකයන්, සේවයෙන් ඉවත් වීමේ අවදානමක් ද ඇති බවත් එසේ වුවත් කාර්යමණ්ඩලවල හිඟයක් ඇති වනු ඇතැයි ද පැවසේ.
මේ වනවිට ජාතික සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවකයන්ගෙන් සියයට 93ක් පළමු එන්නත ලබාගෙන ඇති අතර සියයට 90ක් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත.
සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ජනගහනයට වඩා එය වැඩි බවත් සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ජනගහනයෙන් සියයට 81කට වැඩි පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවත් බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කරයි.
උණ හෙම්බිරිස්සාවට ලබාදෙන එන්නත අනිවාර්ය නොමැති බව ද සජීද් ජවාද් පැවැසීය.
විවිධ වෛද්‍ය හේතු ඇති පිරිස්වලට එන්නත අනිවාර්ය නොවන බව ද හෙතෙම කීය.
එමෙන්ම රෝගීන් සමඟ මුහුණට මුහුණ සම්බන්ධ වී කටයුතු කිරීම අවශ්‍ය නොවන සෞඛ්‍ය සේවකයන්ට ද සම්පූර්ණ එන්නත්කරණය අවශ්‍ය නොවන බව ද ඔහු කීවේ ය.
බී.බී.සී. ඇසුරිනි
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පූර්ණ එන්නත්කරණය අනිවාර්යයි