අත්අඩංගුවේ සිටි තලේබාන් නායකයන් හත් දෙනකුට නිදහස ලබා දීමට පාකිස්තාන රජය පසුගියදා තීරණය කළේය.
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය එම තීරණය ගත්තේ, වසර ගණනාවක් තිස්සේ එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණිනි.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා දීමට කැප වීම අගමැති ෂරීෆ්ගේ ඡන්ද පොරොන්දුවකි.
ෂරීෆ් සහ ඔහුගේ රජය සාමය වෙනුවෙන් කැප වන්නේ නම්, සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් බව පාකිස්තාන තලේබාන් නායකයන් පවසා ඇත. පාකිස්තාන රජය සාම කතා ආරම්භ කිරීමට සූදානම් වන්නේ ඒ අනුවය.
තලේබාන් සංවිධානය හිසරදයක් වී ඇති ඇෆ්ගනිස්තානය ද මේ වනවිටත් එම සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව ද පාකිස්තාන අගමැති ෂරීෆ් පවසා ඇත.
දෙරටටම ගැටලූවක් ව ඇති තලේබාන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අගමැති ෂරීෆ්ගේ ආරාධනාවෙන්, ඇෆ්ගන් ජනපති කර්සායි පසුගියදා පාකිස්තානයට පැමිණ සාකච්ඡා පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් 7 දෙනකුට නිදහස