තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් තුළ පීලි පැනීමට ලක් වීමෙන් 36 දෙනකු ජීවිතක්ෂයට පත් වී සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
තුවාල ලැබූවන් අතරින් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පීලී පැනීමත් සමඟ දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී උමඟ තුළ සිරවුණු බවත්, දුම්රිය මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත් වාර්තා වේ.
දුම්රිය ටයිටුඅංග් නගරය බලා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක් වුණු බව ද පැවැසෙයි.
තායිපේහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd