ජපානයේ කියුෂු ප්‍රදේශයේ අද(16) අලුයම 7.3ක රිච්ටර් මාපාංක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනකු මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

සිකුරාදා (15)  ජපානයේ කුමමොටෝ හි ඇතිවූ භූකම්නයෙන් 9 දෙනකු මරුමුවට පත්වූ අතර එය සිදුවී පැය 24 ක් ගතවීමට මත්තෙන් මෙම කම්පනය සිදුවී ඇතැයි කියති.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු සංඥාද නිකුත් කැර තිබූ නමුත් එය පසුව අවලංගු කිරීමට බලධාරීහු ක්‍රියා කළහ.

ගොඩනැගිලි හා මාර්ගවලට කම්පනයෙන් හා නාය යාම් වලින් දැඩි හානි සිදුවූ අතර ගොඩනැගිලි නිර්මාණය කිරීමේ ජපන් ක්‍රමවේදය හේතුවෙන් හානිය යම්තරමකින් අවම වී තිබූ බව එරට මාධ්‍ය වාර්තා කියයි.

සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවත් ඒ වෙනුවෙන් සහන සේවකයන් 20000ක් යොදවා ඇති බවත් කියති.

_89262501_032480942-1 _89264083_3f263abd-0e8d-4905-8140-ba7191ef8f14 _89264085_b1df171b-0c4e-4b26-ae27-d22520444250 _89264126_42fa126c-2951-438f-9961-79a1ceee02bf _89264128_63e9aaac-3ab2-43c5-9a9d-c31561e4199f _89267212_89267208