IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජනහඬ පදනම බ්‍රිතාන්‍ය මැතිසබේත් හඬදෙයි

හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගිය දස වසරක් පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික, ආගමික, සංස්කෘතික සහ සමාජ සුභසාධක වැඩකටයුතු ඇගැයීමේ උත්සවයක් පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැත්විණි.

මේ දීර්ඝ කාලය තුල ජනහඬ පදනම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජාති හෝ ආගම් භේදයකින් තොරව එකමුතු කරමින් ආගමික හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය කරන අතර එරට ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන නීතිමය ගැටළු සහ වෙනත් හදිසි අවස්ථාවලදී මැදිහත්වී ඒ සඳහා උදව් උපකාර කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරයි.

හවුන්ස්ලෝ  ලංකා ජනහඬ පදනම බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය සහ ජාතික දේශපාලඥයින් සමඟ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. ජනහඬ පදනම එක්සත් රාජධානියේ කෙරෙන සත්කාරක වැඩසටහන් පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුම නිරන්තරයෙන් තම දායකත්වය ලබා දී පැසසුම් කරන අතර ඉඩ ලැබෙන පරිදි එම වැඩසටහන් සඳහා සහභාගී වීමටද අමතක නොකරයි. 

ජනහඬ පදනමට වසර දහයක් පිරීම සැමරීම සහ එම කාලය තුල සිදුකර ඇති  ජනතා මෙහෙවර අගයනු පිණිස පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය තුලදී ඔවුන් වෙනුවෙන් උපහාර පිදීමක් සංවිධානය කර තිබිණි.

මෙය සංවිධානය කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනෙකු වන රුත් කැඩ්බරි සහ ශීමා මල්හෝත්‍රා විසිනි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රධාන සංඝ නායක බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස්, ජනහඬ පදනමේ ක්‍රියාකාරීහු සහ වෙනත් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් ප්‍රකාශ කළේ ජනහඬ පදනම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට මනා පදනමක් දැමූ බවයි. ඉදිරියේදී තව තවත් සමාජ සත්කාරක සේවාවන් ඔස්සේ ජනතා සේවයට කැපවන බව ද ඔහු පැවසුවේය.

Janahanda_20151023 Janahanda_20151023-2 Janahanda_20151023-3 Janahanda_20151023-4 Janahanda_20151023-5

 



අදහස් (0)

ජනහඬ පදනම බ්‍රිතාන්‍ය මැතිසබේත් හඬදෙයි

චාමර ලන්ඩන් Saturday, 24 October 2015 12:08 PM

අපේ අයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිව්වහම ඊට වැඩි දෙයක් නැහැනේ? නොඑන අයත් එනවා. කොහේ ජීවත් උනත් මානසිකත්වය තවම වෙනස්වෙලා නැහැ. (රේ)

:       0       0

ස්මිත් Friday, 23 October 2015 08:48 AM

කොයි පදනමද? (බ)

:       0       0

සාමා මොර්ඩන් Tuesday, 27 October 2015 04:49 PM

මමත් මෙය අද වෙනතුරු දැන සිටියේ නැහැ , මම ජිවත් වන්නේත් ඔය නගරය කිට්ටුව , මේවා කොහොම පටන් ගත්තද කොහේ කට්ටියද ඉන්නේ කියා දන්නෙත් නෑ.....(රේ)

:       0       0

කපිල Friday, 23 October 2015 07:38 PM

තව තවත් සාර්ථක වේවා! (නි)

:       0       0

නිවන්තක Friday, 23 October 2015 07:39 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සිසිර ගුණවර්ධන කින්ස්බරි Monday, 26 October 2015 02:55 PM

පසුගිය කාලේ තිබුණු ප්‍රශ්න දැන් විසඳාගෙන ඇතැයි අපි සිතනවා. (නි)

:       0       0

මනෝජ් Monday, 26 October 2015 02:59 PM

සමහරුන්ගේ වැඩ ටික වුණාට ප්‍රචාරය නම් ගොඩයි (නි)

:       0       0

සුදත් සෙනවිරත්න Tuesday, 27 October 2015 08:47 AM

දන්නෝ දනිති. (නි)

:       0       0

තමර Saturday, 24 October 2015 07:40 PM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

සරත් ලන්ඩන් Friday, 23 October 2015 11:36 AM

මෙහෙම සමිතියක් මගේ අවුරුදු 15 කාලෙකට ලන්ඩනයේ තියෙනවා කියල අහලම නැහැ. ලන්ඩන් වල හවුන්ස්ලෝ කියන්නේ පොඩි ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට පමණක් සීමා වූ සමිතියක් නිසා වෙන්න ඕනේ. (ම)

:       0       0

අයිරා Friday, 23 October 2015 11:38 AM

ලාංකිකයින්ට වැඩ කරලා දෙන්න සල්ලිත් ගන්නවා නේද? (ම)

:       0       0

චාමර Wednesday, 28 October 2015 09:20 AM

අපි නොදන්නා ජනහඬ. කාටද මේවා කියන්නේ? (බ)

:       0       0

සිරි Tuesday, 27 October 2015 12:09 PM

"නමද ගමද වයස එක්ක පින්තූරේ විස්තරේ, පත්තරේක වැටෙනකල් අනේ... රෑට නින්ද යන්නේ නෑ අනේ..... " (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site