Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 21 වන සෙනසුරාදා
ඉරාකයේ කුර්දිෂ් කළාපයේ විරෝධතා පෙළපාළියකදී සිදුවූ ගැටුම් වලින් එක් පුද්ගලයෙකු මියගොස් 10දෙනකු තුවාල ලබා ඇත.
විරෝදතාකරුවන් ඩොහුක් නගරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරකට ගිනිතබා ඇති අතර යුද ටැංකි දෙකක් ඇතුළු වාහන කිහිපයක් ගින්නෙන් විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.
මෙහිදී පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර තුර්කි සොල්දාදුවන් විසින් පෙළපාළියට වෙඩි තබන ලදැයි සඳහන් වේ.
කෙසේ වුවද මරණයට හේතුව පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
බැග්ඩෑඩ් විදේශ අමාත්‍යාංශය තුර්කි භටයින්ගේ ක්‍රියාව විවේචනය කර ඇති අතර තුර්කි තානාපතිවරයාගෙන් ඒ සම්බන්දව විමසන බව සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)