IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


එම්.එච් 17 යානයේ මාරයා මිසයිලයක්

2014 වසරේ ජූලි මාසයේ පුද්ගලයින් 298 දෙනකු මරණයට පත් කරමින් විනාශ වූ මැලේසියා ගුවන්සේවයට අයත් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බව අනාවරණය වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් මගින් ගුවන් යානයට ප්‍රහාර එල්ලවී ඇතැයි නෙදර්ලන්ත ආරක්ෂක මණ්ඩලය කියයි.

නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය යුක්රේන - රුසියා දේශ සීමා ආසන්නයේදී ප්‍රහාරයකට ලක්ව කඩා වැටිණි.

බටහිර හා යුක්රේනය රුසියාවට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නමුත් රුසියාව සඳහන් කළේ යුක්රේන ආරක්ෂක හමුදා මිසයිලයකින් යානය විනාශ වූ බවයි.

අලුතින් නිකුත්වූ වාර්තාවේ මිසයිල ප්‍රහාරයකින් යානය විනාශවූ බව සඳහන් වුවද එය කවුරුන් එල්ල කළ එකක්දැයි සඳහන් කර නැති බවද විදේශ ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.

20151014malaysia-flight-mh17 20151014ukraine-scenes-mh1_2981651k malaysia-airline-retires-20151014mh17-flight-number



අදහස් (0)

එම්.එච් 17 යානයේ මාරයා මිසයිලයක්

වසන්ජය Thursday, 15 October 2015 09:17 PM

මීට අවුරුදු ගණනාවකට පෙරත් රුසියාව ස්කාලින් දුපතට උඩින් පියාසර කළ සාමාන්‍ය මඟී ගුවන් යානයකට මිසයිල් ගහලා අහිංසක ජීවිත රැසක් නැතිවුණා (නි)

:       0       0

මානි Wednesday, 14 October 2015 03:40 PM

නාමල් ඔබ හරි, රුසියාව ඔය කියන තරම්ම හොඳ රටක් නොවේ. වර්ණබේදවාදය තදින්ම තිබෙන රටකි. යූ ටියුබ් එකේ ස්කින් හෙඩ් වීඩියෝ බලන්න (බ)

:       0       0

නාමල් Wednesday, 14 October 2015 07:45 AM

යුක්‍රේනයේ මිනිස්සු තමරටේ සිටි රුසියාවට ගැති ජනාධිපතිවරයා පන්නා දැමුවා. ඒකට පිලිතුරු ලෙස රුසියාව යුක්‍රේනය අස්ථාවර කරන්න ඒ රටේ නැගෙනහිර පෙදේසේ රුසියන් බස කතාකරන ජනයා අතර බෙදුම්වාදය ඇවුලුවා ඔවුන්ට ස්වයංපාලනයක් සදහා සටන් කරන්න අවි සැපයුවා.එසේ සපයන ලද ගුවන්යානා නාශක මිසයිලකින් වැරදීමකින් එල්ලවූ ප්‍රහාරයකින් තමා මේ යානය විනාශවෙලා තියෙන්නේ. (ර)

:       0       0

arschfikaa Wednesday, 14 October 2015 08:19 AM

පවු හිතට හරිම දුකයි (අ)

:       0       0

සහන් Thursday, 15 October 2015 03:08 AM

වෙන්න පුළුවන් දේවල් ගැන තමයි හැම රටම කියන්නේ. මේ අතර රටවල් කොටවන එක තමා වැඩියෙන්ම වෙන්නේ පුද්ගලික කෝන්තර පිරිමහගන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 414 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site