ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට ඉකුත් 16 වැනිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු, රටේ සියලූම හමුදා ආයතනවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ඇමෙරිකානු රජය පෙරේදා (17) තීරණය කළේය.
වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ ප‍්‍රහාරය ගැන ද ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයන් එසේත් නැතිනම් එෆ්.බී.අයි පරීක්ෂකයන් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරන බව මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් 16 වැනිදා උදෑසන නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව සිදුකළ වෙඩි තැබීම්වලින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතළ තුවාල ලැබූ අට දෙනකු රෝහල් ගත කෙරුණි.
තුවක්කුකරු නවීන ගිනි අවි තුනකින් සන්නද්ධ වී සිටි බව ද පැවැසෙයි. පොලිසිය ඔහු කොටු කළ අවස්ථාවේ, ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවක්කුකරු ද ජීවිතක්ෂයට පත්විය.
එෆ්.බී.අයි. පරීක්ෂකයන් තුවක්කුකරුගේ විස්තර මාධ්‍යවලට නිකුත් කර ඇති අතර, තුවක්කුකරු ඇරොන් ඇලෙක්සිස් නමැති 34 හැවිරිදි කළු ජාතිකයකු බවත් ඔහු හිටපු නාවික හමුදා සෙබළකු බවත් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
267
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවේ හමුදා ආයතනවල ආරක්ෂාව තර කිරීමට තීරණයක්