IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඇමෙරිකාව - චීනය එකිනෙකාට විරුද්ධ සීමා පනවාගනී

ටිබෙටය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය මුල් කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය එකිනෙකාට විරුද්ධ සීමා පනවාගෙන ඇත.

මේ තත්ත්වය හේතුවෙන් සුපිරි බලවතුන් දෙදෙනා අතර නව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇති වීමේ තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.

ටිබෙටය සම්බන්ධ කරුණුවලදී ‘‘නරක අයුරින් හැසිරෙන ඇමෙරිකා එක්සත් ජනපද පුද්ගලයන්ට එරෙහිව සීමා පනවන බව චීනය අද (8) නිවේදනය කළේය. ඇමෙරිකාව ඊට දිනකට පෙර ඒ අයුරින්ම චීනයට සීමා පැනවීය.

ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් නව නීතියක් ද සම්මත කරගෙන තිබේ. ඒ අනුව ඇමෙරිකානු වැසියන්ට ටිබෙටයට යෑමට අවස්ථාව සලසා දී ඇති අතර ඒ සඳහා චීනයට බලකිරීමක් ද කර ඇත. ටිබෙටය යනු බෞද්ධයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකි. චීන භූමියේ පිහිටිය ද එය වෙනම ස්වයංපාලන ප්‍රදේශයක් වේ. ටිබෙටයට ‘‘අර්ථවත් ස්වයංපාලනයක්’’ ලබාදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඊයේ (7) පැවැසීය.

‘‘චීනය ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, අනෙකුත් නිලධාරීන්ට, මාධ්‍යවේදීන්ට සහ සංචාරකයන්ට ටිබෙටයට සහ අනෙක් ටිබෙට් ප්‍රදේශවලට යන්න දෙන්නේ නැහැ. එහෙත් චීනයේ නිලධාරීන් සහ අනෙකුත් පුරවැසියන්ට ඇමෙරිකාවට පැමිණෙනවා’’ යැයි මයික් පොම්පෙඕ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය..

විදේශිකයන්ට ටිබෙටයට අයත් කලාපවලට යෑමට ඉඩ නොදෙන චීන නිලධාරීන්ට ඇමෙරිකාවට පැමිණීමට වීසා නොදෙන බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, විශ්වාසනීයත්වයට අදාළ නීති උපුටා දක්වමින් මෙම සීමාවලට පත්වූ නිලධාරීන් හෝ කොතරම් නිලධාරීන් පිරිසක් මෙම සීමාවලට ලක්වී ඇතැයි ද ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඇමෙරිකාව ගෙන ඇති ක්‍රියාමාර්ගවල චීනයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. ඇමෙරිකාව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ‘‘දැඩි විරෝධය පළ කරනව’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියැන් පැවැසීය. ඇමෙරිකා එක්සත් ටිබෙටයට සම්බන්ධ ප්‍රශ්න ඇඳෑ ගනිමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරන්නේ යැයි ද හෙතෙම ඇමෙරිකාවට චෝදනා කළේය.

‘‘ඇමෙරිකාව ගෙන ඇති වැරැදි ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, ටිබෙටයට සම්බන්ධ කටයුතුවලදී වැරැදි ආකාරයට ක්‍රියාකරන ඇමෙරිකානු නිලධාරීන්ට වීසා ලබානොදීමට චීනය තීරණය කළා’’ යැයි ඔහු කීය. මේ තත්ත්වය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර සබඳතා තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පැවසේ.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ඇමෙරිකාව - චීනය එකිනෙකාට විරුද්ධ සීමා පනවාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site