ඝාතනය කරන අයුරු සජීවී ලෙස අන්තර්ජාලයට එක් කරමින් පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කළ බව කියන ඇමෙරිකාවේ ඔක්ලහෝමාහී පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කළ බව එරට පොලිසිය කියයි.
මයිකල් වාන්ස් (38) නම් ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද පහර දී තුවාල කර තිබෙන අතර එය ෆේස්බුක් හරහා සජීවි ලෙස අන්තර්ජාලයට එක් කර තිබිණි.පොලිස් රථයක් සොරකම් කළ ඔහු තම හිතවතුන් දෙදෙනකුද ඝාතනය කර ඇතැයි බලධාරීහු පවසති.ඔහු සතුව ඒකේ 47 වර්ගයේ ගිනි අවියක්ද ඇති බව කියති.
ඔහු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වන අතර ඔහු කාන්තාවකට වෙඩි තබා ඇයගේ මෝටර් රථය පැහැරගෙන තිබේ.මීට දින කිහිපයකට පෙර ඔහු වෙළදසැලක දී වෙඩිතැබීමක් සිදුකර එක් අයෙකුට තුවාල සිදු කළේය.
ඔහු ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ බන්ධනාගාරගත කර ඇති අතර ඉන් නිදහස් වී ඇත්තේ මීට සති කිහිපයකට පෙරයි.එමෙන්ම ඔහු විවිධ චෝදනා යටතේ කිහිප වතාවක් සිරගත කළ අයෙකි.
ඔහුට රෝගී තත්ත්වයක් ඇති බව පොලිසිය පවසන නමුත් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා නිකුත් කර නැත.මීට පෙර ඔහුට විරුද්ධව ගොනු කර ඇති නඩුවක් ලබන මාසයේදී විභාගයට ගැනීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 04
244
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
394
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමුතු මිනීමරුවෙක් ඇමෙරිකාවේ
ධම්ම Friday, 28 October 2016 03:25 AM
එහෙ ඉන්න ලංකාවෙන් ගිය අය දැන් කියයි මේ ඇමෙරිකාවට මඩ ගහන්න කරපු ප්‍රචාරයක් කියලා. (නි)
සිල්වා බර්ලින් Friday, 28 October 2016 04:19 AM
හොඳ අධ්‍යාපන පසුබිමක් නැත්නම් සුළු රැකියාවක් කරන්න බලාගෙන ඇමෙරිකාවට යන එක ඉතා භයානකය සමහර වෙලාවට ජිවත් වීම සදහා දිනකට පැය 10- 15 වැඩකරන්නට සිදු වන අවස්ථා එමටය (බ)
පිටිගල මිලානෝ Thursday, 27 October 2016 11:22 AM
ඉතාමත්ම ම්ලේච්ඡ අන්දමට මිනීමරණ සහ අවිනීත අසම්මත හැසිරීම් රටාවක් ඇති ඇමරිකාවේ ජීවත්වීම අති භයංකාරය. අධිමිලැති සෞඛ්‍ය රක්ෂණයක් නැති සියල්ලන්ගේ නිරෝගීභාවය ගැන රජය වග නොකියන අතර බහුලව සිදුවන වෙඩි තැබීම් වලදී තුවාල වුණොත් ඔවුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
රූපවතී Thursday, 27 October 2016 02:03 PM
මේ අර අනාගත අධ්‍යාපන ඇමතිවෙන්න හිටිය අර අරයගෙ පුතාද මන්දා? ඒ වගේ ටිකක් හැඩරුව (නි)
දිනේෂ් Thursday, 27 October 2016 03:03 PM
මෙයා නම් අමුතුම මානසිකත්වයක් තිබෙන කෙනෙක් වගෙයි (නි)
සදහම් Friday, 28 October 2016 04:50 PM
දැන් අපේ අයත් යයිද දන්නෙ නැහැ මේවා අත්හදා බලන්න? (නි)
දුමින්ද Friday, 28 October 2016 04:50 PM
ඇමරිකාව කියන්නේ හරිම භයානක රටක් වගෙයි (නි)
එරන්ද Friday, 28 October 2016 05:40 PM
අනේ මන්දා අබුද්දස්ස කාලේ! (නි)
රූපවතී Friday, 28 October 2016 08:02 AM
පිටිගල මිලානෝ සහ සිල්වා බර්ලින් අනේ අපි ඕවට කතාකළොත් ..ඒ රිසියාවට කියල කියයි ..ඒ නිසා සද්ද නොකර ..වෙනදෙයක් දිහා බලන් ඉමු ..? (බ)
අබය Thursday, 27 October 2016 09:02 PM
සාමාන්‍යයෙන් මිනිහෙකුගේ මුහුණෙන් පිළිබිඹුවන හැඟීම් වලින් මිනිස්සු අඳුනා ගන්න හැකිවුණාට මේ අයගේ මුහුණු වලින් කිසිම දෙයක් පහළවෙන්නේ නැහැ. ඒ නිසා කොයි ආකාරයේද කියා හිතාගන්න අමාරුයි. (නි)
බමුණුසේන Saturday, 29 October 2016 12:04 AM
රූපවතී, ඒ පුතා මෙච්චර ස්මාර්ට් නැහැ (නි)
හිමාල් Friday, 28 October 2016 10:22 AM
මේවා දැක්කහම පුදුමත් හිතෙනවා (නි)