ෆේස්බුක් යනු මෙකල තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. බොහො ප්‍රයෝජන පැවැතියද ඇතැම් තරුණ තරුණියන් ෆේස්බුක් වෙතම ඇබ්බැහි වී සිටීම නිසා වැඩිහිටියන්ගේ අනුමැතිය නම් මේ කෙරෙහි වැඩිපුර නොලැබේ.
පෝල් ඛෙයර් සිය දියණිය වන රේචල් (14) ෆේස්බුක් සිය ‘ජීවිතය‘ කරගෙන සිටිනු දැකීම නොරිස්සීය. ඇය මෙයින් මුදා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටිනා අතර ඇය ෆේස්බුක් වෙත සමුදෙන්නේ නම් ඇයට සැළකිය යුතු කරමේ මුදලක් පිරිනමන්නෙමියි යන අදහස පෝල්ට පහළ වේ.ඒ අනුව ක්‍රියාත්මක වන ඔහු මේ ගැන රේචල්ගෙන් විමසූ විට පුදුමයකට මෙන් ඇයගේ අනුමැතියද හිමිවේ. මේ අනුව දෙදෙනා අතර ‘අවබෝධතා‘ ගිවිසුමක් ඇති බවයි.
‘ෆේස්බුක් තාවකාලිකව අක්‍රීය කිරීමේ කරුණ සම්බන්ධයෙන්‘
රේචල් ඛෙයර් වන මම මගේ ෆේස්බුක් ගිණුම 2013/02/04 දින සිට 2013/06/06 දිනය දක්වා තාවකාලිකව අක්‍රීය කිරීමට එකග වන අතර එකග වූ පරිදි මගේ පියා වන පෝල් ඛෙයර් මට ඩොලර් 50 ක මුදලක් 2013/04/15 වන දිනදී ගෙවනු ඇත.තවත් ඩොලර් 150 ක මුදලක් 2013/06/26 දිනදී මට ලැබීමට සළස්වනු ඇත.මගේ ෆේස්බුක් ගිණුමෙහි මුරපදය ඔහුට ලබාදෙන අතර එමගින් ඔහුට මගේ ගිණුම අක්‍රීය කිරීමටත් ගිවිසුම් කාලයට පෙර මම ෆේස්බුක් ගිණුම සක්‍රිය කිරීමට වැටබැදීමටත් ඔහුට හැකි වනු ඇත.මම ලැඛෙන මුදල් මට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සදහා වැය කිරීමට බලාපොරොත්තු වෙමි.
අත්සන් කළේ... රේචල් ඛෙයර්.....පෝල් ඛෙයර්
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෆේස්බුක් නොබලන ගිවිසුමක්
තුෂාර Friday, 08 February 2013 01:37 PM
කනට දෙකක් දීලා නවත්වන්න බැරිද ? (ස)
අරවින්ද Friday, 08 February 2013 01:54 PM
ගහලා බැනලා ළමයි හදපු කාලේ දැන් ඉවරයි (ස)
සිසිර Friday, 08 February 2013 02:50 PM
තුෂාර, කනට දෙකක් දෙන්න පුළුවන ලංකාවේ ළමයිට. ඒත් ඒ රටවල එහෙම බැහැ. ගැහුවොත් දෙමවිපියෝ හිරේ යනවා.(නදී)
එල්විජෝස් Saturday, 09 February 2013 09:55 PM
මාත් නවත්තනවා කවුරුහරි සල්ලි දෙනවානම්.. කෝ නෑනෙ..!(නු)
ලාල් Friday, 08 February 2013 03:36 PM
ලංකාවෙත් ඔහොම වේවිද ? (ස)
සෙයාලන් Saturday, 09 February 2013 11:01 PM
තුෂාර, ඔයාගෙන් කාර්යාලයේ වැඩ ගන්නේ එහෙම ද ?(නදී)
සරත්-ඇමරිකාව Sunday, 10 February 2013 04:22 PM
සිසිර හරි. මෙහෙ අපිට දරුවෙකුට අවවාදයක් දීලා හදාගන්නවත් නීතියෙන් ඉඩක් නැහැ. හරිම ඛේදජනක තත්වයක්. අපේ සංස්කෘතියේ වටිනාකම සුද්දන්ට තේරෙන්නේ නැහැ. අපේ දෙමවිපියන්ට අපි තාමත් ගරු කරනවා. මෙහේ ළමයි කිසිම ගරුසරුවක් නැහැ වැඩිහිටියන්ට. අපේ ළමයි මුලසිටම අවවාද කරලා හදා නොගත්තොත් ඉවරයි.(නදී)
නිස්තර් Saturday, 09 February 2013 12:58 PM
දැන් ලංකාවේ දෙමව්පියනුත් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ෆේස් බුක් නරක නැහැ නමුත් නරක ප්‍රතිඵල බහුලයි. (ස)
ගාමිණි Sunday, 10 February 2013 05:45 PM
ඉතා හොද තීරණයක් (දී)
වසන්ත Saturday, 09 February 2013 01:48 PM
දෙමව්පියන්ට ප්‍රශ්නයක් තමයි. පොඩි කාලයක් දෙන්න ඕනේ.(නදී)
ප්‍රනාන්දු Friday, 08 February 2013 07:35 PM
අපේ ළමා පරපුර බේරා ගනිමු (දී)
නීලා Monday, 11 February 2013 08:15 AM
සරත්, ඇමරිකාවේ ඉදගෙන කෑගහන්නේ නැතුව ලංකාවට එන්න. (නි)
දිලිනි Sunday, 10 February 2013 01:01 PM
තාත්තට පේස්බුක් එකේ පාස්වර්ඩි එක දීලා වෙන එකක් හදාගන්න පුළුව්නනේ. ඕක බොරු වැඩක්. අන්තර්ජාලය තහනමි කලා නම් ඔයිට වැඩිය සාර්ථකයි.(නදී)
දිල් Sunday, 10 February 2013 01:04 PM
අද කාලේ එක ළමයෙකුට පේස් බුක් එකවුන්ට් කීයක් තියෙනවද එක එක නමි වලින්. ඉතින් එකක පාස්වර්ඩි එක තාත්තට දීලා අනිත් එකෙන් ඇතුළුවන්න පුළුවන්නේ.(නදී)