ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයේ හිම මත ලිස්සා යාමේ කිී්රඩාවේ නිරතව සිටියදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර සිටින ප්‍රකට ෆෝමියුලා වන් මෝටර් රථ ධාවක මයිකල් ෂූමාකර ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසනුයේ ඔහු හිම මතින් ලිස්සා විත් ගල් කුළක වැදුණු බවයි.වහා ඔහු කරා ළගා වන විට ඔහු අවට හිම ලෙයින් රත්පැහැ ගෙන තිබූ බවත් හිසට තුවාළ සිදුවී ඇතැයි පෙනෙන්නට තිබුණු බවත් ඔවුහු කියයි.
ආරංචි මාර්ග වලට අනුව ඒ අවස්ථාව වන විටදීත් මයිකල් සිට ඇත්තේ හොද සිහියෙන් පසුව ඔහු සිහිමුර්ඡා වී ඇත.
හෙලිකොප්ටරයක ආධාරයෙන් ඔහු වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිවාඩු නිකේතනයේ බළධාරීන් කටයුතු කර තිඛෙන අතර දැනට ඔහු ප්‍රංශයේ ජෙනොබ්ලෙහි රෝහලකට ඇතුළත් කර සිටී.
ඔහුගේ මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතැයි පවසන වෛද්‍යවරුන් කියති. මයිකල්ගේ තත්ත්වය බරපතල බවත්, පියවි සිහිය ලැබී නොමැති බවත් රෝහල කියයි.
පිට පිට 7 වතාවක් ෆෝමියුලා වන් ලෝකශ+රයා බවට පත්වූ මයිකල් ලොව මෙතෙක් පහළ වූ හොදම මෝටර් රථ රියදුරා ලෙස සැළකෙන්නෙකි.
ඔහුට ඉක්මන් සුවය පැතීමට දැනටමත් ලොව පුරා ෆෝමියුලා වන් මෝටර් රථ තරග ලෝලීහු හා අනෙක් ෆෝමියුලා වන් මෝටර් රථ ධාවකයින් එක්ව සිටිති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෆෝමියුලා ධාවකයාට අමාරුයි
මාධව Saturday, 04 January 2014 05:13 PM
අයියෝ කනගාටු දායක පුවතක් (දී)
කුමාරිහාමි Friday, 03 January 2014 10:13 AM
වියදම් අධික මෝටර් රථ තරගවලට යන්න අවස්ථාවක් වත්කමක් නැති ඔයිට වඩා දක්ෂ රියදුරන් ලංකාවේ බස් පදවනවා. ඒ රියදුරෙකුට ෂුමාකර්ගේ ජාතියේ රථයක් දීල බැලුවොත් දක්ෂකම් බලන්න පුළුවන්. මයිකල්ට ඉක්මනින් සුවය ලැබේවා.(නදී)
ෂාමේන් Friday, 03 January 2014 11:01 AM
ඉක්මන් නිරෝගී සුවය ලැබේවා! (නදී)
ගමගේ Tuesday, 31 December 2013 08:43 AM
වේග ශූරයන්ට අගුණයි වගේ.(නදී)
තෙන්නකෝන් Tuesday, 31 December 2013 10:04 AM
දුමින්ද මහත්තයව පෙන්නපු දොස්තර මහත්තයට වත් පෙන්නමුද? (නදී)
සැන්ඩි Sunday, 05 January 2014 04:14 AM
ඔබට ඉතාම ඉක්මනින් පියවි සිහිය ලැබේවා කියා පතමි.(නදී)
සංජීව Tuesday, 31 December 2013 02:05 PM
මෙයා ලෝකේ ඉන්න දක්ෂම මෝටර් රථ ධාවන ශූරයා. (ත)
ලුම්බිණි Tuesday, 31 December 2013 02:50 PM
මයිකල්ට ඉක්මනින් සුවය ලැබේවා කියල පතනවා. (නදී)
නිමල් පෙරේරා Friday, 03 January 2014 05:07 PM
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (දී)
මුදිතා Tuesday, 31 December 2013 03:20 PM
සුනාමි වෙලාවේ ලංකාවට උදව් කරපු ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)
අමිල කටුනායක Monday, 30 December 2013 09:29 PM
ඔහුට ඉක්මන් සුවය පතමි.(නදී)