ෆින්ලන්ත අගමැති ජරිකී කටයිනන් පෙරේදා (22) එරට ටුරූකු නගරයේ දී එක්තරා පුද්ගලයකුගේ පිහි ප‍්‍රහාරයකින් අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය. අගමැතිවරයා එම සිද්ධියට මුහුණ දුන්නේ ලබන ඉරිදාට යෙදෙන නගරසභා මැතිවරණයේ ඡන්ද කටයුතුවල නියැළී සිටියදීය. අගමැතිවරයා ජනතාව හමුවෙද්දී හිටිහැටියේම පිහියක් අතින් ගත් තැනැත්තකු ඔහුට පහර දීමට පැමිණි බවත් ආරක්ෂක අංශ වහා මැදිහත් වී එම පුද්ගලයා යටත් කර ගත් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. අගමැතිවරයාට එසේ පහර දීමට තැත් කළේ ඇයි ද යන්න පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. සිදුවීමෙන් පසුව ද අගමැතිවරයා ජනතාව හමුවී ඡන්ද කටයුතුවල නියැළුණු බව වාර්තා විය. 41 හැවිරිදි අගමැති ජරිකී කටයිනන් එරට ජාතික සන්ධාන පක්ෂයේ නායකයා ද වෙයි. ඔහු යුරෝපාවාදියකු වන අතර ඉතා ජනපි‍්‍රය නායකයෙකි. ලබන ඉරිදා පැවැත්වෙන නාගරික මැතිවරණයෙන් ජරිකී කටයිනන්ගේ පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වනු ඇති බව ජනමත සමීක්ෂණවලින් ද හෙළි වී තිබේ.
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෆින්ලන්ත අගමැති අනූනවයෙන් බේරේ
වරුණ Wednesday, 24 October 2012 01:55 PM
එහෙම බලද්දී ලංකාව දියුණූයිනේ. ලංකාවෙ ඇමති පුත්තුන්ටත් බොඩිගාඩ්ලා. (නි)
ෂෙරීෆ් Wednesday, 24 October 2012 08:59 PM
ෆින්ලන්ත අගමැති පින් කරලා තියෙනවා. (නි)
හසන්ති Thursday, 25 October 2012 01:12 AM
ඇත්තමයි
සුනිල් Thursday, 25 October 2012 09:04 AM
ඇයි එයාලා තවමත් 17 වැනි ශතවර්ෂයේ සිටින්නේ? (නි)