ළමා අපචාරකරුවන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමේ අවසරය ලබා දෙන නීති සම්මත කරගැනීමට ඉන්දුනීසියා පාර්ලිමෙන්තුව කටයුතු කර තිබේ.
සම්මත කරගත් නව නීති ප්‍රකාරව රසායනික සුන්නත් කිරීම නම් නව දඩුවම් ක්‍රමයක් ළමා අපචාරකරුවන්ට එරෙහිව පැමිණවීමේ අවසරය දැන් එරට අධිකරණයට හිමිය.
මෙවන් නීතියක් සම්මත කරගත යුතුයැයි ඉන්දුනීසියා පාර්ලිමෙන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූයේ පසුගිය මැයි මාසයේදීය.බාල වයස්කාර දැරියක සමූහ දුූෂණයකට ලක්වීමේ සිදුවීමක් සමග ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය මෙවන් යෝජනාවක් ඉදිරිපත් වීමට ප්‍රධානතම හේතුව විය.
රසායනික සුන්නත් කිරීමට අමතරව, ළමා අපචාරකරුවකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීමට, විදුලි සැර වැද්දවීමට සහ වසර 10 කට නොඅඩු සිර දඩුවමකට යටත් කිරීමට, අවශ්‍ය අවසරයන්ද මෙම නව නීතිය යටතේ ඉන්දුනීසියා අධිකරණයට ලබාදී ඇත.
රසායනික සුන්නත් කිරීමේදී සිදුවන්නේ අපචාරකරුවන්ගේ ශරීරයට ස්තී‍්‍ර හෝමෝනයන් එන්නත් කිරීම වන අතර, මෙම දඩුවම් ක්‍රමය රුසියාව, දකුණු කොරියාව, සහ පෝලන්තය වැනි රටවල ළමා අපචාරකරුවන්ට එරෙහිව භාවිතයට ගැනෙන්නකි.
කෙසේනමුත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයන් සහ කාන්තාවන් සදහා වන ජාතික කොමිසම මෙවන් දැඩි දඩුවම් සම්මත කරමින් නීති ඉදිරිපත් කිරීම හෙළා දකිමින් අදහස් දක්වා ඇත.මේ හා සමාන නීති කි‍්‍රයාත්මක වන වෙනත් රටවල, එම නීති කි‍්‍රයාත්මක වූවාය නැතිය කියා ළමා අපචාරයන්ගේ අඩුවීමක් සිදුව නොමැති බව එම සංවිධාන පවසයි.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ළමා අපචාරකරුවන්ට ඉන්දුනීසියාවේ දැඩි දඩුවම්
අසාද් Thursday, 13 October 2016 09:13 AM
ළමා අපචාර වෙනුවෙන් ලංකාවෙත් නීති දැඩි වුනානම් ..(බ)
විජේනායක Thursday, 13 October 2016 07:19 AM
ලංකාවේ නයිට් ක්ලබ් ගිහින් බලෙන් කාන්තාවන් ඉඹින්න යන අයටත් හොඳ දඬුවමක් දෙන්න ඕනේ (බ)