ජනපි‍්‍රය හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක, බි්රතාන්ය ජාතික 68 හැවිරිදි ටෝනී ස්කොට් දිවි හානි කරගෙන ඇතැයි ලොස් ඇන්ජලීස් පොලිසිය පවසයි. ස්කොට් දිවි හානිකරගෙන ඇත්තේ පෙරේදා සවස 4.30 ට පමණ ලොස් ඇන්ජලීස් නුවර පාලමකින් පැනීමෙනි. පැය කිහිපයක සෙවිල්ලකින් පසු ස්කොට්ගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ස්කොට්, ලෝ පුරා ජනපි‍්‍රය වූයේ 1986 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ටොප් ගන්’ චිත්‍රපටයෙනි. ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් නියමුවකු ගැන කියැවෙන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජනපි‍්‍රය හොලිවුඞ් නළු ටොම් කෲස්ය. ඊට අමතරව ස්කොට් අධ්‍යක්ෂණය කළ ‘බෙවර්ලි හිල්ස් 2’, ‘එනමි ඔෆ් ද ස්ටේට්’, ‘කි‍්‍රම්සන් ටයිඞ්’ සහ ‘අන්ස්ටොපබල්’ වැනි කි‍්‍රයාදාම චිත්‍රපටය ද අතිශයින් ජනපි‍්‍රය විය. ටෝනී ස්කොට් තවත් ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය හොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන රිඞ්ලි ස්කොට්ගේ බාල සොහොයුරාය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හොලිවුඩ් සිනමා අධ්යක්ෂ ටෝනි ස්කොට් දිවි නසා ගනී
මධු Tuesday, 21 August 2012 12:51 PM
ඇයි එහෙම දෙයක් කර ගත්තේ? (නි)
ලලිත් Wednesday, 22 August 2012 05:52 AM
"ඇක්ට්" එකක් පුහුණු වෙනකොට වරදින්න ඇති. (නි)
එශාන් Wednesday, 22 August 2012 08:13 AM
අයියෝ මේ වහේ අය (දී)