සුදු රුධිරාණු වල ඇති කුඹ සෛල ආධාරයෙන් සමෙහි තුවල සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීම නිසාද පසුව එහි වූ ගැටලූකාරී බව නිසා මුළු පර්යේෂණයම නිශ්ප්‍රභ කිරීම නිසාද ලෝකයේම අවධානය දිනාගත් ජපාන පර්යේෂක පිරිසේ සිටි ප්‍රධාන විද්‍යාඥයෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
පර්යේෂණ කණ්ඩායමේ සිටි ප්‍රධාන විද්‍යාඥයෙකු වන යොෂිකි සායි මෙසේ සියදිවි නසාගෙන ඇතැයි සදහන්ය.
සයන්ස් ජර්නලයේ පළවී තිබූ මෙම මුළු පර්යේෂණයම එම පර්යේෂණයේ නිගමනයන් කරා එළැඹීමට යොදාගෙන තිබූ ක්‍රමවේදයේ ගැටලූකාරී තත්ත්වය නිසා පසුව සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර දැමීම සිදුවිය.
මෙසේ පර්යේෂණයක් සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභ කර දැමිමේ සිදුවීම් ඉතා විරලය.
යොෂිකි සායි ඇතුළු පර්යේෂක පිරිස ජපානයේ ‘‘රිකෙන්‘‘ ආයතනයේ සේවය කළෝ වෙති.
සොයාගැනීම නිමිත්තෙන් මෙම වසර මුලදී පැවැති හමුවේදී පර්යේෂණයෙන් කුඹ සෛල ආධාරයෙන් සම සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගත්තේ යැයි ඔවුහු පැවසූහ. මීයන්ගේ සෛලලයන් මධ්‍ය අම්ලකර පරිසර තත්ත්ව වල තැබීමෙන් ඒවා කුඹ සෛල බවට පත්වන බව සොයාගත්තේ යැයිද මෙම ක්‍රමවේදය තවදුරටත් දියුණු කිරීමෙන් විවිධාකාර ලෙඩ රෝග වල ප්‍රතිඵලයක් ලෙස සිදුවන තුවාළ ඉක්මනින් සුවපත් කර ගත හැකි ක්‍රමයක් සොයාගත හැකිවනු ඇතැයිද ඔවුහු කියා සිටියහ.
නමුත් පසුව සිදුකෙරුණු විමර්ශණයන්ගෙන් අනාවරණය වූයේ පර්යේෂක කණ්ඩායම නිගමනයන්ට එළැඹීමට භාවිතා කර ඇති ක්‍රම වල ගැටලූ පවතින බවයි. මේ නිසා මුලූ පර්යේෂණයම නිශ්ප්‍රභා කර දැමීම සිදුවුණි.
මෙය ජපානයේ මෙන්ම ලෝක මාධ්‍යයන්ද වාර්තා කළේ සමස්ථ ජපාන විද්‍යා පර්යේෂණ ක්ෂේත්රයටම සිදුවූ නොමැකෙන කැළළක් ලෙසය.
රිකෙන් ආයතනය සිදුකළ විමර්ශණයකින් පර්යේෂණ කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙකු සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇතැයි සොයාගැනීමට හැකිවූවත් යොෂිකි සායි එහි සම්පූර්ණ වරද තමන් අත තිබුණේයැයි සිතා සිටි බව ඔහුගේ මිතුරෝ කියති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හමේ තුවාල සුව කරන පිරික්සුමෙන් ‘ලොකු තුවාලයක්‘
ගාමිණී - සිරි Wednesday, 06 August 2014 03:16 PM
ජපන් ජාතික යොෂිකි සායි හද පත්ලෙන්ම තම පර්යේක්ෂණ කටයුතු කලබව පෙනී යනවා.ජපන් ජාතිකයන් අවංක,නීති ගරුක,නිහතමානී ,කඩිසර ,නැණවත් ජාතියක්. නමුත් සුළු දෙයකටත් කම්පාවෙන ,ඉතාමත් සංවේදී ජාතියක්. ඊළඟ ප්රයත්නයේදී ජයග්‍රහණය පෙන්නුම් කිරීමට හැකියාව තිබුනත් හිත් වේදනාව උසුලාගැනීමේ ශක්තියක් පෞද්ගලික ජීවිතයේ ඔවුන්ට නැත.කණගාටු දායක සිද්ධියක් ! (අ)
සංජීව Wednesday, 06 August 2014 05:25 PM
ඇයි මෙහෙම උත්සාහය අත්හැරියේ? (නි)
ජයත් Thursday, 07 August 2014 06:44 AM
ආත්ම ගාතනය ජපාන සංස්කෘතියේ ලක්ෂණයක් මේ වගේ සම්පූර්ණ පරික්ෂනයම අසාර්ථක උන තැන් තව තියනවා නමුත් ඒවා කරපු අය ජපන් ජාතිකයන් නොවෙයි (දී)
තාරක Thursday, 07 August 2014 07:34 AM
ජිවිතේ නැති කර ගන්න අවශ්‍ය නැහැනේ (දී)