IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෞතික විද්‍යාවේ බලේ පෙන්වයි

පර්යේෂණ හා කැපකිරීම් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය 2012 වසරේදී විද්‍යාඥයින් සොයාගත් ‘‘හිග්ස් බොසෝනය‘‘ හෙවත් දේව අංශුවට මුළු පෘථිවියම අසුරු සණින් විනාශ කිරීමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අගවයි.

ඔහු පවසන්නේ මෙම අංශුව සොයාගැනීමට ප්‍රෝටෝන කදම්බ 2 ක් ස්විට්සර්ලන්තයේ ‘‘ලාර්ජ් හාර්ඩන්‘‘ අංශු ත්වරකය යොදාගෙන එකිනෙක ගැටීමට සැළැස්වුවාක් මෙන් විද්‍යාඥයින් මෙම අංශුව තවත් අංශුවක් හා අධි වේගයෙන් ආ අධි ශක්තියකින් ගැටීමට සැළැස්වුවහොත් සුවිශාල රික්ත අවකාශයක් ඇතිවී එය පෘථිවිය ගිල ගනු ඇති බවයි.

මහා විද්‍යාඥයාගේ ප‍්‍රකාශය හිග්ස් බොසොනය සම්බන්ධ පර්යේෂණ නව මානයකට ගෙන යනු ඇතැයි මත පළවී තිබේ.

‘‘හිග්ස් බොසෝනය‘‘ මෙතෙක් සොයාගෙන ඇති කුඩාම අංශුව ලෙස සැළැකෙන අතර කිසියම් වස්තුවකට එහි ‘‘බර‘‘ ලබාදීමට මුල් වන්නේ මෙම අංශුව බව සැළකේ.

2012 වසරේදී ප්‍රෝටෝන කදම්භ 2 ක් ලාජ් හාර්ඩන් අංශු ත්වරකය ආධාරයෙන් එකිනෙක හා ගැටීමට සැළැස්වූ විද්‍යාඥයින්ට එම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අංශුව සොයාගැනීමට හැකිවිය.මෙවන් අංශුවක් පැවතීමට ඉඩ ඇතැයි මුලින්ම මත පළ කර තිබුණේ මහාචාර්ය හිග්ස් වන අතර ඒ 1964 තරම් ඈත කාලයකදීය.

සොයාගත්තද අංශුව තවමත් විද්‍යාඥයින්ට අභිරහසකි.එහි කාර්යභාරය තේරුම්ගැනීමට තවමත් කිසිවෙකුටවත් හැකිව නොමැත.

කෙසේනමුත් තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය හෝකින්ස්ම හිග්ස් බොසෝන දෙකක් එකිනෙක හා ගැටීමට සළස්වා ලෝක විනාශයක් සිදුකිරීමට දැනට ලෝකයේ ඇති අංශු ත්වරක එකකටවත් හැකියාවක් නොමැති බවද පෙන්වා දේ.

මේ සදහා අවැසි වනු ඇති අංශු ත්වරකය පෘථිවිය තරම්ම විශාල වනු ඇතැයිද වත්මන් ලෝක ආර්ථික තත්ත්වය හමුවේ කිසිවෙකුවත් එවැනි දේයකට ඉදිිරිපත්වනු නැතැයි තමන්ට සහතික යැයිද ඔහු පවසයි.

1410083904547_wps_9_Television_Programme_Step 1410084397564_wps_10_FILE_A_May_31_2007_file_p 1410084416870_wps_12_Undated_CERN_Geneva_hando

 

 

 



අදහස් (0)

හෞතික විද්‍යාවේ බලේ පෙන්වයි

ටෙකා Friday, 28 August 2015 02:09 PM

ඔව් ස්ටීවන් හෝකින්ස් කියන්නේ ලෝකේ නම වැනියට මොලේ තියෙන එක්කෙනා ඒවගේම එයා තමයි හොයාගත්තේ කළු කුහර වලින් කිරණ පිටවෙනවා කිව්වා එක ඒවගේම එයා මේ දවස් වල උත්සහා කරන්නේ ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවයි සාපෙක්ෂටා වාදයයි එකතු කරන්න ඒ දෙක එකතු කරපු දවසට අපි සොයාගන්න විද්‍යාවේ අන්තිම දවස වෙන්නේ එකට එකක් විදිහට තමා එයා හොයාගත්තේ කළු කුහර වල කිරණ ගැන (අ)

:       0       0

සෑම් Monday, 08 September 2014 04:56 PM

ලෝකයේ ඉතාම කුඩා අංශුව සොයාගත්තේ බුදුපියාණන් වහන්සේ විසින් බව නොදන්නවාද ?ශුන්‍ය තාවය කියන එක මුලින්ම ප්‍රකාශ කලේ තථාගතයන් වහන්සේයි .ඔය කියන අන්ශුවටත් වඩා කුඩා නොවේද ශුන්‍යය .විද්‍යාඥයන් කරුවලේ අතගානවා කියල හිතෙනවා .අභිධර්මය ඉගෙන ගත්තොත් හැමෝටම ඕක තේරේවි .එහෙම අවබෝද කරගත්ත බොහෝ බටහිර බෞතික විද්‍යාඥයන් නැවතුනේ උතුම් පැවිදි බව ලබලයි .අජන් සුමෙධෝ කියන එංගලන්ත බික්ෂුව ගැන අවශ්‍ය නම් සොයා බලන්න .සැමට තෙරුවන් සරණයි . (අ)

:       0       0

සිල්වා Monday, 08 September 2014 05:27 PM

සෑම්ගේ කතාව හරියට හරි (නි)

:       0       0

ජයත් Thursday, 11 September 2014 10:58 AM

අසාම් මොනවා කියනවද කියල මටනම් තේරෙන්නේ නැහැ. අනිත් අය උනත් හරියට මේක ගැන කියවල බලල අදහස් දමනවා නම් තමයි හොඳ. විද්‍යාඥ හොප්කින් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කරුණාකරලා එයා කියපු කතාව තේරුම් ගන්න (නදී)

:       0       0

අසාම් Monday, 08 September 2014 01:29 PM

මෙයට යමක් එකතු කිරීමට සිතුවෙමි ‘‘හිග්ස් බොසෝනය‘‘ යනු විෂවයේ ආරම්භය වූ සැනින්ම ඇති වූ ස්තරයක්, මෙම ස්තර අවකාශය තුලින් ගමන් කරන බල අංශු හිග්ස් බොසෝනය නිසා භෞතික අංශු බවට පරිවර්තනය වෙනවා. (නදී)

:       0       0

ටිරෝන් Tuesday, 09 September 2014 03:51 PM

විද්‍යාවෙන් ‍‍ලෝකයේ දියුණුව වගේම විනාශයද සිදුවිය හැක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 77 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 69 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 56 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 18 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 285 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site