ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
පාකිස්තාන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීම සඳහා එරට හමුදාව අද, සඳුඳා (28) මීට පෙර නොගත් පියවර කිහිපයක් ගත්තේය.
හිටපු බුද්ධි අංශ ප්‍රධානියා කෘතියක සම කතුවරයා වෙමින් පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ සහ කාෂ්මීරයේ කරන ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ඒ බව අනාවරණය වීමත් සමඟ ඔහුට මෙලෙස රටින් පිටවීම තහනම් කිරීමට එරට බලධාරීහු කටයුතු කළහ.
විශ්‍රාමික ලුතිනන් ජනරාල්වරයකු වන අසාද් ධුරානි 1990 වසරේ සිට 1992 වසර දක්වා පාකිස්තානයේ බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
ඔහු රටින් පිටවීම වළක්වාලමින් ඔහුගේ නම ‘විගමන පාලන ලැයිස්තුවට’ ඇතුළත් කළ බව පාකිස්තාන හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක පැවැසීය.
“ද ස්පයි ක්‍රොනිකල්ස් : රෝ, අයි.එස්.අයි ඇන්ඞ් ද ඉලුෂන් ඔෆ් පීස්” යනුවෙන් නම් කර තිබෙන මෙම ග්‍රන්ථය නිකුත් කරන ලද්දේ පසුගිය සතියේදීය. ඒත් සමඟම ධුරානි හා කෘතිය සම්බන්ධයෙන් බොහෝ අදහස් පළවිය.
ඉන්දීය බුද්ධිය වන ‘රෝ’ සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන ඒ.එස්. ධුලාත් සමඟ එක් වෙමින් අසාද් ධුරානි මෙම කෘතිය රචනා කර තිබේ.
ඇෆ්ගනිස්තානය සහ කාෂ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ මතභේද සහ ධුලාත් සහ ධුරානි අතර ඇති වූ සාකච්ඡා පදනම් කරගනිමින් එම කෘතිය රචනා වී තිබේ.
ඇෆ්ගනිස්තානය සහ කාශ්මීරය යනු ඉන්දියාව සහ පාකිස්තානය මෙන්ම ලෝක බලවතුන් කිහිපදෙනකු තම බලය උදෙසා විවිධ පාර්ශවවලට සහාය දෙමින් ඔවුන් තම සතුරන්ට එරෙහිව මෙහෙය වන යුද පිටි යැයි විශ්ලේෂකයෝ පවසති.
පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ සිටින තලේබාන් ඇතුළු සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් චෝදනා කරන අතර පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිටපු බුද්ධි අංශ ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීමට පාකිස්තාන හමුදාවෙන් විශේෂ පියවර