පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව පෙරේදා (8) නිවේදනය කිරීමත් සමඟ පාකිස්තාන රජය ප්‍රකාශ කළේ මුෂාරෆ් යළිත් පැමිණියහොත් බෙනාසීර් බූතෝ ඝාතනයට වරදකරුවකු ලෙස ඔහු වහා අත්අඩංගුවට ගන්නා බවය. හිටපු පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් බූතෝ ඝාතනයට මුෂාරෆ් සම්බන්ධ බවත් පාකිස්තානයට පය තැබූ විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සියලූම නීති කටයුතු සම්පාදනය කර ඇති බවත් පාකිස්තාන රජයේ නීතීඥ අලී පවසයි. මුෂාරෆ් ප්‍රකාශකර ඇත්තේ ඔහු එලැඹෙන 27-30 තෙක් කාලයේදී පාකිස්තානයට පැමිණීමට නියමිත බවය. පාකිස්තානයේ දී අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට මුෂාරෆ් ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. මුෂාරෆ් කිසිදු ලේ වැගිරීමක් නොකොට හමුදා කුමන්ත්රණයකින් පාකිස්තානයේ හමුදාපතිවරයා ලෙස බලයට පත්වූයේ 1999 වසරේදීය. 2007 වසරේදී බෙනාසීර් බූතෝ රාවුල්පිණ්ඩි නුවර මැතිවරණ රැුලියකට සහභාගීවී සිටියදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලිවෙද්දී ජනපති ධුරය හෙබවූයේ මුෂාරෆ්ය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් මුෂාරෆ්ට ජනපති ධුරය අහිමි විය. ඔහු පාකිස්තානයෙන් පිටුවහල් වී ඩුබායි සහ ලන්ඩන් නුවර පදිංචියට ගියේය. ජීවිත අනතුරක් තිබියදී මුෂාරෆ්ගේ රජය බෙනාසීර් බූතෝට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවත් බූතෝ ඝාතනයට මුෂාරෆ් සෘජුව සම්බන්ධ බවත් චෝදනා එල්ල වී තිබේ. වත්මන් පාකිස්තාන රජය මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ ද එම චෝදනා හේතුවෙනි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන මුෂාරෆ් පවසන්නේ බූතෝ ඝාතනය සිදු කළේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් බවය. යළිත් පාකිස්තාන දේශපාලන කරළියට පිවිසීමට බලාපොරොත්තුවන මුෂාරෆ්, ‘සියලූම පාකිස්තාන වැසියන්ගේ මුස්ලිම් ලීගය’ යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2013 වසරේදීය. මුෂාරෆ් යළි පාකිස්තානයට පැමිණෙන්නේ ඊට සූදානම් වීමටය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු ජනපති මුෂාරෆ් සියරට එන්න සූදානම්