IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු ජනපති මුෂාරෆ්ට ඇප

පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ්ට පෙරේදා (20) ඇප නියම විය.
පාකිස්තාන රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කර දෙකක් මත මුෂාරෆ් මුදා හරින්නැයි රාවුල්පිණ්ඩි නුවර ත‍්‍රස්ත මර්දන අධිකරණය තීන්දු කළ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.
බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වීමත් සමඟ, මුෂාරෆ් නිවාස අඩස්සියට පත් කෙරුණි. ඔහුගේ නිවාස අඩස්සි කාලය, ලබන 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ද මීට දින කිහිපයකට පෙර රාවුල්පිණ්ඩි නුවර ත‍්‍රස්ත මර්දන අධිකරණය තීන්දු කළේය.
දීර්ඝ කාලයක් රටින් පිටවී සිටි හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය. 
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීම සඳහාය. එහෙත් මුෂාරෆ් ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.

 

 


මහ මැතිවරණයට ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි. 
මහාධිකරණ එසේ තීන්දු කළේ  මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු කළ නිසාය.
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් තෙවැනි වර ජයග‍්‍රහණය කළ නවාස් ෂරිෆ්, අවසන් වරට අගමැති ධුරය හොබවද්දී 1999 වසරේ දී ඔහුට එරෙහිව හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ් හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කර බලය අල්ලා ගත්තේය.
එකල දූෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත. තමා යළි බලයට ආවත් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බවත් මුෂාරෆ් සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණය බලා ගනු ඇති බවත් ෂරීෆ් පවසා ඇත.
කෙසේ නමුත් මුෂාරෆ්ට එරෙහිව චෝදනා ගොනු කිරීම, පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ නවාස් ෂරීෆ්ට පැවැරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ෂරීෆ්, පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමටත්, නව රජයක් පිහිටුවීමටත් සූදානමින් සිටී. ෂරීෆ්, පාකිස්තාන අගමැති ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ තෙවැනි වරටය.



අදහස් (0)

හිටපු ජනපති මුෂාරෆ්ට ඇප

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 691 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 278 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1509 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 460 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site