ඇමරිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ හා ලෝකයේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයින් නැවත මුණගැස්වීමේ අරමුණින් සංවිධානය කළ ඕල් ස්ටාර් 20 - 20 ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා (7) නිව්යෝක් කුයින් සිටිෆල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ සුපිරි ක්‍රිකට් තරු 3ක් වූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් එම තරගාවලියට එක්වූ අතර සචින්ස් බ්ලාස්ටර් හා ශේන් වෝන්ස් වොරියර්ස් යන කණ්ඩායම් දෙක තරග වැදුණි.
ඉන්දීය සුපිරි තරුවක් වූ සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුතුව තරග කළ බ්ලාස්ටර් කණ්ඩායමට මහේල ජයවර්ධන හා මුරලිදරන් ක්‍රීඩා කළ අතර කුමාර් සංගක්කාර ක්‍රීඩා කළේ ශේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් වොරියර්ස් කණ්ඩායමටයි.
පළමුව පන්දුවට පහරදුන් සචින්ගේ කණ්ඩායම පන්දුවාර 20 දී කඩුළු 8ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 17 පන්දු 2ක් තුළ කඩුළු 4 ක් පමණක් දැවී අදාළ කඩයිම පසුකිරීමට සමත් විය.
ඒ අනුව කඩුළු 6 ක ජයක් හිමිකරගත් ශේන්වෝන්ගේ වොරියර්ස් කණ්ඩායමට ශූරතාවය හිමිවිය.
ලාංකික, ඉන්දීය, බංග්ලාදේශ හා යුරෝපා රටවල ප්‍රේක්ෂකයින් රැසක් තරගය නැරඹීමට පැමිණ සිටියහ.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු ක්‍රිකට් තරු ඇමරිකාවට පායයි
සහන් Monday, 09 November 2015 06:09 PM
ජයසූරියවත් දැම්මා නම් මම අනිවාර්යයෙන්ම බලන්න යනවා. (නි)
රෙජි-සිඩ්නි Monday, 09 November 2015 03:56 AM
මේ වැනි අගනා දෙයක් කළ හැම ක්රිඩකයකු හටම මගේ සුබපැතුම්. (ම)
චන්ද්‍රසිරි Monday, 09 November 2015 10:13 AM
තව මැච් දෙකක් තියෙනවා (ම)