බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රටේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පෙරේදා (11) පැවැත්වුණු අතර, හිටපු අගමැතිවරයකු වන බ්රහීම් බුඩකාර් කෙයිටා ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ විය.
ජනපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද ලබාගත් කෙයිටා සහ හිටපු මුදල් ඇමැති සෝමාලියා සිසේ අතරේය.
දෙවැනි වටයක් පැවැත්වුණේ, පළමු වටයෙන් කිසිදු අපේක්ෂයකු සියයට 50 කට වැඩි ඡුන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට අපොහොසත් වූ නිසාය. පළමු වටයට අපේක්ෂකයෝ 27 දෙනෙක් ඉදිරිපත් වූහ.
පළමු වටයෙන් ඉදිරියට පැමිණියේ කෙයිටා සහ සිසේය. පළමු වටයේ දී කෙයිටා හිමිකර ගත් ඡුන්ද ප්‍රතිශතය සියයට 40 කි. පළමු වටයේ දී මිලියන 6.8 ක පිරිසක් ඡුන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටියහ.
මැතිවරණ කටයුතු පෙරේදා උදෑසන 8 ට ආරම්භ විය. ඇද හැලූණු මහ වැසි හේතුවෙන් ඡුන්ද කටයුතුවලට බාධා සිදුවූ බව ද වාර්තා විය.
මාලි යනු දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. ජනපතිවරණය පැවැත්වීමට සඳහා ප්‍රංශයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අපි‍්‍රකා සංගමයේත් සහාය මාලි අන්තර්වාර රජයට හිමිවිය.
2011 වසරේදී, මාලි රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. කුමන්ත්‍රණය සිදු වෙද්දී මාලි රජයේ හමුදාව එරට කාන්තාර ප්රාද්ශවල කි‍්‍රයාත්මක අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරමින් සිටියේය.
හමුදා කුමන්ත්රණයෙන් රජය පෙරළා දැමීමත් සමඟ සටන් අත්හැර හමුදාව ආපසු ආවේය. ඒ අවස්ථාවේදී සටන්කාමීහු ටිම්බක්ටු ඇතුළු මාලි රටේ නගර රැසක් අල්ලා ගෙන ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම ආරම්භ කළහ.
ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි අන්තර්වාර රජය සහ හමුදාව ආරම්භ කළ මෙහෙයුම්වලට ප්‍රංශයේ සහාය හිමිවූයේ ඉකුත් ජනවාරි 11 වැනිදාය.
මාලි රාජ්‍යය කලක් ප්‍රංශ යටත් විජිතයක්ව පැවැතිණි. ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඕලන්ද් මාලි රාජ්‍යයට හමුදා බළඇණි එවමින් කියා සිටියේ යටත් විජිතයක් ව පැවැති රාජ්‍යයක් හෙයින් මාලි රාජ්‍යයට සහාය දීම ප්‍රංශයේ වගකීමක් යැයි සලකන බවය.
ප්‍රංශ හමුදා මාලි රාජ්‍යයට පැමිණීමට අපි‍්‍රකා සංගමයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමිවිය.
ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි ප්‍රංශ හමුදා ආරම්භ කළ සටන් මේ වනවිටත් අවසන් වී නැත. කෙසේ නමුත් මාලි රාජ්‍යයේ උතුරුදිග නගර මුදා ගෙන ඒවායේ පාලනය යළි මාලි හමුදාවට පවරා දීමට ප්‍රංශ හමුදාවට හැකි වී ඇත. තවමත් ප්‍රංශ හමුදා සෙබළු මාලි රාජයයේ රැඳී සිටිති.
බටහිර විරෝධී දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ ප්‍රංශය මාලි රාජ්‍යය ආක්‍රමණය කර ඇති බවය.
ප්‍රංශ රජය පවසා ඇත්තේ පිහිටුවීමට නියමිත නව රජයට සහාය පළ කරමින් තව ටික කාලයක් රටේ රැඳී සිටීමට කටයුතු කරන බවය. මාලි රාජ්‍යය තෙල් සහ ස්වභාවික සම්පත්වලින් ද පොහොසත්ය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු අගමැති කෙයිටාට ජය හිමිවන ලකුණු