හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
චීනය හඳුන්වා දී තිබෙන මෙම නව ආරක්ෂක නීතිරීති හේතුවෙන් ලොව ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හොංකො වෙත ලබා දී තිබෙන ස්වයං පාලන බලතල සහ එම නගරය සතු නිදහස අවදානමට පත්වනු ඇතැයි බටහිර රටවල් බිය පළ කරති.
ප්‍රධාන භූමියෙන් (චීනයෙන්) ඉවත් වීම, (චීනයේ) බලය සහ අධිකාරිය නොසලකා හැරීම, ත්‍රස්තවාදය සහ විදේශීය මැදිහත්වීම් පාලනය කිරීමේ අරමුණින් චීනය මෙම නව ආරක්ෂක නීති හඳුන්වා දී ඇත.
චීනය හඳුන්වා දුන් මේ නව ආරක්ෂක නීති හේතුවෙන් මාස කිහිපයකට පසු හොංකොං නුවර මේ වනවිට විරෝධතා ආරම්භ වී ඇත.
විරෝධතාකරුවන් මෙල්ල කිරීම සඳහා අද (28) කැරැලි මර්දන පොලිසිය ද යොදවා තිබිණි.
චීන ජාතික ගීය අගෞරව කිරීම අපරාධ වරදක් ලෙස මෙම නව ආරක්ෂක නීතිරීතිවලින් යෝජනා කර ඇත.
මේ තත්ත්වයත් සමඟ හොංකොංවලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද දැඩි පීඩනයක් එල්ල වී ඇත.
හොංකොං නුවර සාප්පු සංකීර්ණයක් වෙත ප්රජාතන්ත්රවාදී විරෝධතාකරුවන් ඊයේ එක්රැස් වුවද ඔවුන්ට පෙරේදා දිනයේදී මෙන් පොලිසියෙන් බාධා එල්ල නොවීය. චීනය යෝජනා කළ නව ආරක්ෂක නීති සහ ජාතික ගීයට අදාළ නීතිවලට විරෝධය පළ කරමින් දහස් ගණනක් පෙරේදා හොංකොං නුවර වීදිවලට එක්වූ අතර 360 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
හොංකොං වැසියන් වීදි බැස මෙසේ විරෝධතා පවත්වන්නේ 'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති අවස්ථාවකය. දහස් ගණනක් විරෝධතා සඳහා එක් වී සිටිති. සිය ස්වාධීනත්වයට සහ ජීවත් වීමට ඇති නිදහසට මෙම නව ආරක්ෂක නීති බාධාවක් යැයි විරෝධතාකරුවෝ පෙන්වාදෙති.
හොංකොං පරිපාලන ප්‍රදේශය බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති අතර 1997 වසරේදී චීන පාලනය යටතට ගැනිණි. හොංකොං චීනය යටතේ පාලනය වුවද ‘‘එක් රටක්, පද්ධති දෙකක්’’ යන ක්‍රමයට වෙනම පද්ධතියක් ලෙස පවතී. එහෙත් චීනය හඳුන්වා දී තිබෙන නව ආරක්ෂක නීති හේතුවෙන් හොංකොං වෙත ලැබී තිබෙන ඉහළ නිදහස් සහිත ස්වයං පාලනයට දැඩි බාධාවක් එල්ල වනු ඇතැයි ද චීනය හොංකොං වෙත පමණක් නොව ඉන් එහාටත් ඒකාධිපතීත්වය වපුරමින් සිටින බවත් ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.
චීන පාර්ලිමේන්තුවේ 2,878 දෙනෙක් හොංකො වෙත හඳුන්වාදුන් නව ආරක්ෂක නීති අනුමත කරමින් ඡන්දය ප්‍රකාශ කළහ. එක් අයකු නව ආරක්ෂක නීතිවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර හයදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියහ.
මෙම නව ආරක්ෂක නීති සම්බන්ධයෙන් සවිස්තර විස්තර ඉදිරි සති කිහිපයේදී ප්‍රසිද්ධියට පත්වනු ඇතැයි ද සැප්තැම්බර් මාසයට පෙර මෙම නව ආරක්ෂක නීති ක්‍රියාවට නැංවෙනු ඇතැයි ද වාර්තා වේ.
මෙම නව ආරක්ෂක නීතිරීතිවලින් හොංකොං හි ස්වයංපාලනයට කිසිදු තර්ජනයක් නැතැයි ද චීන බලධාරීහු ප්‍රකාශ කරති.
කෙසේ නමුත් චීනයේ නිදහස්ම නගරය ලෙසත් ලොව ප්‍රමුඛම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙසත් සැලකෙන හොංකොං වෙත චීනයේ නව ආරක්ෂක නීතිරීතිවලින් බලපෑමක් යොමුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය විමසිල්ලෙන් පසුවෙයි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘හොංකොං’ නව ආරක්ෂක නීතිවලට චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය