බල්ලෙකු සිංහයෙකු කරන්නට තැත් කළ සත්වෝද්‍යානයක් ගැන චීනයේ හේනාන් ප්‍රදේශයෙන් වාර්තා වේ.
ටිබෙට් මැස්ටිෆ් වර්ගයට අයත් බල්ලෙකු කූඩු කර ඇති සත්ත්වොද්‍යාන බළධාරීන් කූඩුව ඉදිරිපසින් වූ පුවරුවේ සදහන් කර ඇත්තේ ‘‘මේ සිටින්නේ අපි‍්‍රකා සිංහයා යනුවෙනි.’
බළධාරීන් අපේක්ෂා කළ පරිදි රැවටු සත්ත්වෝද්‍යානය නැරඹිමට පැමිණි පිරිස නම් නොවේ.අවසන ඔවුන් සියල්ල කර ඇත්තේ තමන් සත්ත්වෝද්‍යානයට ඇතුළු වීමේදී ගෙවූ මුදල ඉල්ලා සිටීමයි.මේ කලබලය අතරතුර සිංහයා ‘‘බුරන්නට’’ පටන් ගැනීම නිසා සත්ත්වෝද්‍යාන බළධාරීන්ට තම මුදල් ගරා ගැනීමේ සැළසුම හකුළා ගැනීමට සිදුව තිබේ.
ලැජ්ජාව වසා ගැනීමට බළධාරීන් ප්‍රාදේශීය පුවත්පතකට පවසා තිබෙන්නේ සිංහයින් ප්‍රජනන කටයුතු සදහා වෙනත් සත්වෝද්‍යානයකට රගෙන ගොස් ඇති බවයි.සිංහයා බල්ලෙකු වී පැමිණියේ කෙසේද යන්න විමසු විට එයට දීමට පිළිතුරක් නම් ඔවුනට තිබී නැත.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිංහයා බලු වෙයි
නෙවින් Saturday, 17 August 2013 12:01 PM
මේ අයගේ බඩුත් මේ වගේම නේද? නොරොච්චෝලේ,හම්බන්තොට වරාය.(නදී)
සන්ජය Saturday, 17 August 2013 12:20 PM
කැළණියේ කට්ටයටත් වුනේ ඕක තමයි.(නදී)
අජිත් කරුණාරත්න Sunday, 18 August 2013 08:51 AM
සංජය, හීණියට දුන්න. හරි අගෙයි. (අ)
චන්දි Saturday, 17 August 2013 12:37 AM
කොන්ඩේ බැදපු චීන්නු නෙවෙයිද ඉදලා තියෙන්නේ...?(නදී)
චමත් Wednesday, 21 August 2013 07:33 PM
දැන් ලංකාවේ සංවර්ධන වියාපෘති කරන ප්‍රදේශවල බල්ලෙක්ගෙ මිල රුපියල් දාහයි. චීන්නු බලුමස් කනවනේ! ඒ පැති වල මිනිස්සුන්ට ගජ වාසී. චීන්නු ලංකාවට ඕනෙවට වඩා වැද්දගැනීම එච්චර හොඳ නෑ.(අ)
නිලූ විදානගේ අරාබිය Wednesday, 21 August 2013 04:10 AM
බලපු අය මේකා බැලුවේ ඇස් වලින්ද? බල්ලා සිංහයා අදුරන්නෙ නැතී චීන්නු. (නි)
පෙරේරා Saturday, 17 August 2013 03:11 AM
තාමත් එහෙ කොන්ඩේ බැන්ද චීන්නු ඉන්නවා නේද? (නදී)
ඉන්දු මෙල්බර්න් Saturday, 17 August 2013 05:05 AM
හරි ලස්සන බල්ලෙක්.(නදී)
සිරියලතා Friday, 16 August 2013 06:39 PM
අයියෝ අයියෝ මෙහෙමත් නාටක? (නි)
ජයසූරිය Sunday, 18 August 2013 12:31 PM
කබරගොයා තලගොයා කරගෙන කන ඇත්තෝ මේ ලංකාවෙත් කොච්චර නම් ඉන්නවද (නි)
සංජය Sunday, 18 August 2013 11:44 PM
හැබෑට ඔය අදහස කාගේද දන්නේ නැහැ. ඇයි දෙයියනේ ඇස් පනා පිට පේනවනේ බල්ලෙක්ද සිංහයෙක්ද කියලා (නි)
ද සිල්වා බෙර්ලින් Saturday, 17 August 2013 06:21 AM
දැන් චීනයේත්" කොන්ඩෙ බැඳපු චීනු" නැතිව වගෙයි.(නදී)
සුජීව පද්මකුමාර Saturday, 17 August 2013 06:25 AM
චීන මායම් වලින් තවත් එකක් විතරයි.(නදී)
හනුමා Saturday, 17 August 2013 03:54 PM
චිනගේ පස්සෙන් යන ලංකාවත් ලගදීම බලු වෙනවා . චීනව ප්රවෙසමන් පරිහරණය කල යුතුය (නදී)
කුමාර Sunday, 18 August 2013 12:58 PM
අපිටත් ඔය ටිකම තමා (නි)
දර්ශන Saturday, 17 August 2013 07:55 AM
චීන මායාව අප වසා ගනීදෝ ලගදීම.(නදී)
පිටිගල Friday, 16 August 2013 08:20 PM
මේ දවස්වල ලංකාවෙත් හරියට මේ දේම වෙනවනේ.(නදී)
ගාමිණී-සිරි Friday, 16 August 2013 08:45 PM
චීන්නු හොඳ වැඩ වගේම බලු වැඩ කිරීමෙනුත් දක්ෂයින් බව පසු ගිය කාලයේ ,ප්‍රසිද්ධ වූ වාර්තා වලින් පැහැදිලි වෙනවා. (ස)
සමන් කුමාර Monday, 19 August 2013 06:51 AM
මොනවද මේ කතා? (නි)
අයේෂ් Saturday, 17 August 2013 09:35 PM
මේ ඉන්නේ ලෝකෙයේ වැඩියෙන්ම වටිනා බලුවර්ගයේ එකෙක්. සිංහයෙක්වත් එච්චර වටින්නේ නැහැ (නි)
කුමාර් Saturday, 17 August 2013 09:38 PM
දැන් ලංකාවේ සිංහයන්ටත් වෙලා තියෙන්නේ මේ ටිකම තමයි. ඔක්කොම බලුවෙලා. (නි)
කැනඩා දිසා Saturday, 17 August 2013 10:47 AM
මෙන්න චීනගේ වැඩ. තවම ලංකාවේ මහා ජනතාවට පෙන්නුවේ නැහැ .පෙන්නුවේ රජයට විතරයි . ඉදිරියට මහජනයාට චීන සර්කස් ,චීනය පෙන්නනකොට ලංකාවේ මහජනයාට වන්නේ උඩ බැලුම් බලාගෙන ඉන්නයි . දුකයි ඒත් ඇත්තයි.(නදී)
වරුණ Monday, 19 August 2013 08:10 AM
ලංකාවේ මෙහෙම දෙයක් වුණා නම් පිළිගන්න තිබ්බ එත් චීනයේ ? (ස)
පිටිගල Friday, 16 August 2013 10:39 PM
ලංකාවෙත් ඔය ඕනෑතරම් සිංහයෝ බලු වෙන්නේ. (නදී)