ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ මාර්ගයක ධාවනය කළ ඌබර් සමාගමට අයත් ස්වයං පාලක මෝටර් රථයක හැපී පාර හරහා ගමන් කළ 49 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම කාන්තාව පදික මාරුවක් නොතිබූ ස්ථානයකින් පාර හරහා ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අනතුර සිදුවී ඇත.
ස්වයං පාලක මෝටර් රථ මගින් පසුගිය කාලයේ විවිධ ආකාරයේ අනතුරු සිදුවී ඇතත් මාරක රිය අනතුරක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඌබර් සමාගම පවසා ඇත්තේ උතුරු ඇමරිකාවේ දැනට ක්‍රියාත්මක වන ස්වයං පාලක මෝටර් රථ අත්හදාබැලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවයි.
ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ස්වයංපාලක මෝටර් රථ අත්හදාබැලීම් සිදුවන අතර මෝටර් රථ සමාගම් කිහිපයක්ම මේ සඳහා බෙහෙවින් උනන්දු වන බව වාර්තා වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ස්වයංපාලක මෝටර් රථයක හැපී කාන්තාවක් මරුට