නිවාඩු සමය අවසන් කර සිය ගම්බිම් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු ස්විට්සර්ලන්තයේදී ඊයේ(14) අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් මඟීන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විසිහතර දෙනකු තුවාල ලබා ඇති බවත් ස්විට්සර්ලන්ත පොලිසිය ප‍්‍රකාශ කළේය. ස්විට්සර්ලන්තයේ සියරාහි සිට සියොන් නගර අතර පිහිටා ඇති බිංගෙයක් තුළින් ගමන් කරමින් සිටියදී එහි බිත්තියේ වැදීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ. බස් රථය අනතුරට ලක් වූ අවස්ථාවේදී පනස්දෙදෙනකු එහි ගමන් කර ඇත. බස් රථය බිංගෙය තුළින් ගමන් කරන අවස්ථාවේදී හදිසියේම ඇලවීගොස් අසල තිබූ බිත්තියෙහි වැදීමෙන් බසයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුව ඇතිබව සිද්ධිය දුටුවෝ පවසති. සිද්ධිය සැලවීමෙන් අනතුරුව බෙල්ජියම් අගමැති ඉලියෝ ඩි රූපෝ කියා සිටියේ මෙය බෙල්ජියම කම්පා කළ සිදුවීමක් බවත් අනතුර සිදුවූ ස්ථානයට තමන් හැකි ඉක්මනින් යාමට බලාපොරොත්තු වන බවත්ය. අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය සහ ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කළ අතර බිංගෙය තාවකාලිකව වසා දැමූහ. එම ස්ථානයට පැමිණි හෙලිකෝප්ටර් යානා සහ ගිලන් රථ මඟින් අනතුරට පත් වූවන් රෝහල් කරා ගෙන යනු ලැබිණි. අනතුරින් තුවාල ලැබූවන් තමන් මුහුණදුන් භයානක අත්දැකීමෙන් කම්පනයට පත්ව සිටින බවත් ඔවුනට අවශ්‍ය මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය සේවා අංශ සූදානමින් සිටින බවත් එරට රෝහල් ආරංචි මාර්ග පවසයි. බස් රථ අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවත් අනතුරින් බස් රථයේ රියැදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් ප‍්‍රකාශකයෙකු පැවසීය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ස්විට්සර්ලන්තයේ බස් රථ අනතුරකින් 28ක් මරුට