බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය, ‘සේරීන්’ විස වායුව ඇතුළත් රසායනික අවි යොදා ගනිමින් එරට සිවිල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බවත්, සිරියා රජය එසේ කිරීමෙන් වැළැකිය යුතු බවත් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා අනතුරු අඟවයි. ජනපති ඔබාමා එම අනතුරු ඇඟවීම කළේ වොෂින්ටනයේ පිහිටි ජාතික ආරක්ෂක සරසවියේ පැවැති දේශනයකදීය. එම දේශනයට පාදක වූයේ ජීව සංහාරක අවි ලොවට තර්ජනයක් වී ඇති අයුරු සම්බන්ධයෙනි. සිරියා රජය පවසන්නේ ඔවුන් කිසිම අවස්ථාවක රසායනික අවි යොදා ගනිමින් හෝ සාමාන්‍ය අවි යොදා ගනිමින් හෝ සිවිල් වැසියන්ට පහර නොදෙන බවය. සිරියා රජය පෙරැළීමට උත්සහ ගන්නා කැරැලිකරුවන් ‘ත්රස්තවාදීන්’ යැයි සිරියා රජය පවසති. ජනපති ඔබාමා කළ එම අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් සිරියා රජය කියා සිටියේ තමන් සතුව රසායනික අවි තිබුණත් නැතත් ඒ ගැන ඇමෙරිකාව කනස්සල්ලට පත් නොවිය යුතුයි කියාය. සිරියානු රජයේ කි‍්‍රයා කලාපය ගැන ලෝකයා විමසිල්ලෙන් සිටින බවත් ඔවුන් යම් හෙයකින් රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ලැබුණොත් ඊට මැදිහත් වන බව ජනපති ඔබාමා වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකාව හමුදා යොදවා ආක්‍රමණය කරමින් ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමුවේ ද මේ අයුරින්ම රසායනික අවි තිබෙන බවට චෝදනා කරමිනි. කෙසේ නමුත් අවසානයේදී එවැනි රසායනික අවි කිසිවක් හමුනොවිණි. සිරියා රජය රසායනික අවි භාවිත කරන බව අනාවරණය වුවහොත් ඇමෙරිකාවට සහ නේටෝවට, සිරියාවට එරෙහි හමුදාමය මැදිහත් වීමක් කළ හැකි වේ. ලිබියාවේදී කලාක් මෙන් බටහිර සහය ලැබෙන කැරැලිකරුවන්ට සිරියා රජය පෙරළා දැමීමට අවස්ථාවක් උදාවෙයි. සිරියා අර්බුදය සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රටවල් දෙකඩ වී සිටින අතර ඇමෙරිකාව, බි්රතාන්යය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙන්ම නේටෝ සාමාජික රාජ්‍යයක් වන තුර්කිය ද සිරියා කැරැලිකාර කණ්ඩායම්වලට පළ කරයි. රුසියාවත් චීනයත් සහාය දෙන්නේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියා රජය රසායනික අවි ප්‍රහාරයකට සැරසෙනවා
රොෂාන් Wednesday, 05 December 2012 07:02 PM
ඊලඟට ඔය ප්‍රශ්නේ එන්නේ මොන රටටද දන්නවාද ?? (ස)
මාධව Wednesday, 05 December 2012 01:26 PM
මේ කරන්න යන දේ ලෝකෙටම බලපානවා (දී)
පෙරේරා Wednesday, 05 December 2012 01:46 PM
ලෝක විනාසය පටන් ගන්නද හදන්නේ (දී)
චන්ද්‍රා Friday, 07 December 2012 12:36 AM
ඊට කලින් සිරියාවට පහරදෙමුද? (නි)
බණ්ඩාර Thursday, 06 December 2012 01:22 PM
එහෙම කොහොමද ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් (දී)
බුද්ධික Thursday, 06 December 2012 01:30 PM
රසායනික අවි භාවිතය නීති විරෝධීයි (දී)