සිරියා රජයේ හමුදාව එරට ඇලෙප්පෝ දිස්ති‍්‍රක්කයට ඊයේ (21) එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 20 දෙනකු ජීවිතක්ෂයට පත් වූයේ යැයි එරට කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි.
ඇලෙප්පෝ දිස්ති‍්‍රක්කයට එල්ල වී ඇත්තේ සිරියා හමුදාව සතු රුසියාවේ නිෂ්පාදිත ‘ස්කුඞ්’ මිසයිලය. එම මිසයිල ප්‍රහාරයෙන් දීර් අ සෝර් නමැති ප්‍රදේශයේ මහල් ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම බිමට සමතලා විය.
විපක්ෂ කි‍්‍රයාකාරීන් පවසන්නේ තවත් පුද්ගලයන් 25 දෙනකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවය.
‘ස්කුඞ්’ යනු දිගු දුර මියසිල වර්ගයකි. සිරියා රජය එම දිගු දුර මියසිල යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහර දීම ආරම්භ කළේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිටය.
මාස 21 කට වැඩි කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම්වලට පැහැදිලි විසඳුමක් ලබා දීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය අපොහොසත් නම්, ඔවුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසා තිබේ.
සිරියා ජනපතිගේ රජය මිනිස් ඝාතන සිදු කරමින්, මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කරන බවටත්, බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන එරට ජනාධිපති අසාද් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් ඊට වගකිව යුතු යැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
එම නිසා සිරියා ජනපති ඇතුළු පිරිස හේග් නුවර කේන්ද්‍රකොට පිහිටුවා ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ යෝජනාවට එහි සාමාජික රටවල් 50 ක් කැමැත්ත පළ කළ ඇතැයි ද වාර්තා වේ.
සිරියානු රජය එරට සිවිල් වැසියන්ට එරෙහිව කුරිරු ලෙස අපරාධ සිදු කරන බවටත්, ඔවුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවටත් කාන්තාවන් වධ බන්ධනයන්ට ලක් කරන බවටත් චෝදනා එල්ල වෙමින් පවතී.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 70,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියා රජයේ මිසයිල ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 20 දෙනෙක් මරුට