සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ රජයට එරෙහිව සන්නද්ධ අරගලයක යෙදෙන කැරැලිකාර විපක්ෂ කණ්ඩායම් ඉතා දරුණු අන්දමින් මානව හිමිකම් උල්ලංඝනය කරන බවත් එය නැවැත්වීමට දෙපාර්ශ්වයම වහා පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නාවී පිල්ලේ අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මාස 16 කට ආසන්න කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම්වලින් 16,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති බවය. සිරියා විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකාර කණ්ඩායම් ළමා සොල්දාදුවන් බඳවා ගන්නා බවටත් නාවී පිල්ලේ චෝදනා කරයි. මීට අමතරව සිරියා රජයටත් කැරැලිකාර පාර්ශ්වයටත් අවි ආයුධ සැපැයීමෙන් වැළැකී සිටින්නැයි ද ඇය විදේශවලින් ඉල්ලීමක් කරයි. සිරියා රජයේ හමුදාවට ආයුධ සපයන්නේ රුසියාව යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය චෝදනා කරයි. අන්තර් ජාතික සම්බාධක පනවා තිබියදී රුසියාව ඉරානයටත් සිරියාවටත් ආයුධ තොග විකුණූ බවට සාක්ෂි ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් කමිටුවක් පසුගිය දා අනාවරණය කළේය. එම කමිටුව මේ බව කියා සිටියේ රුසියාව සිදු කළ අවි ගනුදෙනු සම්බන්ධ විස්තර ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරමින්ය. ඉරානය මෙන්ම සිරියාව ද රුසියාවේ හිතවතෙකි. ලිබියාවට එරෙහිව කළාක් මෙන් සිරියාවට එරෙහිව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී නිෂේධ බලය යොදා ගනිමින් ඊට එරෙහි වූයේ රුසියාවයි. රුසියාව විශ්වාස කරන්නේ සිරියා අර්බුදයට දේශපාලනික විසඳුමක් අවශ්‍ය බවය. සිරියා රජයට ‘මිනීමරන්න’ ආයුධ දෙන්නේ රුසියාව යැයි මීට පෙර අවස්ථා කිහිපයකදී ද බටහිර රටවලින් චෝදනා එල්ල විය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියා රජය - කැරැලිකරුවන් මානව හිමිකම් කඩනවා