සිරියාවේ ඩමැස්කස් අගනුවර පෙරේදා (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට එරට ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු බිලිවීමත් සමඟ සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට වහාම පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ඊයේ (19) ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය. සිරියා රජයට එරෙහි තීරණයක් ගැනීමට වෙලාව පැමිණ ඇති බවත් එරටට තව තවත් සම්බාධක දැමිය යුතු බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලිබියාවට කළාක් මෙන් සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සහ දරමින් සිටී. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන බි‍්‍රතාන්‍යය එම යෝජනාවලිය කෙටුම්පත් කළ අතර ඇමෙරිකාව සහ ප‍්‍රංශය ඊට කැමැත්ත පළ කර සිටී. සිරියාවේ ඩමැස්කස් අගනුවර ගැටුම් හට ගැනීම ඇරැඹුණේ මීට දින කිහිපයකට පෙරය. සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු හමුදාව’ පවසා ඇත්තේ ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනයෙන් සිරියානු අගනුවර මුදා ගැනීමට දිගටම සටන් කරන බවය. සිරියාවේ ඩමැස්කස් අගනුවර ජාතික ආරක්ෂක මූලස්ථානයට පෙරේදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූයේ සිරියා රජයේ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ විශේෂ හමුවක් පැවැත්වෙද්දීය. එම හමුවට ජනාධිපති බෂීර් අල් අසාද් ද සහභාගී වීමට නියමිතව සිටි නමුත් පසුව එම තීරණය වෙනස් කර ඇත. එම බෝම්බ ප‍්‍රහාරයෙන් එරට ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ද වන අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් මිය ගියහ.
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිරියාවට එරෙහි තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා
මදුෂාන් Friday, 20 July 2012 09:54 PM
අන්න හරි අපි ගම්මු තීරණයක්. මේ මොකද්ද අනේ සිරියාව කියන්නේ (දී)
aaa Sunday, 22 July 2012 11:19 AM
සිරියාවට ඉක්මනට සාරිය ගෙන්න ඕනෑ . (දී)