දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට මැදිහත් වීමට තමාගේ කිසිදු අපේක්ෂාවක් නැතැයි නේටෝ මහ ලේකම් අන්ද්‍රේස් ෆෝග් රස්මුසෙන් ප‍්‍රකාශ කරයි. නේටෝ මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී පැවැත්වුණු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ 25 වැනි මහ සමුළුව අමතමිනි. ”සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ හමුදාව විරෝධතාකරුවන් මර්දනය කිරීමට දළදඬු කි‍්‍රයා මාර්ග අනුගමනය කිරීම අප සංවිධානය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එම ගැටුම්වලින් සිරියාවේ සිවිල් වැසියන් ඝාතනය වීම ඉතා කනගාටුවට කරුණක්. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අපේ විශ්වාසයයි. සිරියා අර්බුදයට මැදිහත් වෙන්න නේටෝව සූදානම් නැහැ” යැයි මහ ලේකම් රස්මුසෙන් පැවැසීය. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් ඊට මැදිහත් විය යුතු බවත් ‘ජී8’ රාජ්‍ය නායක සමුළුවේදී සාකච්ඡා කෙරුණි. ලෝකයේ ප‍්‍රබල ආර්ථික බලවතුන්ගේ හමුව වන ‘ජී8’ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ ද ඇමෙරිකාවේය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වූයේ ඉකුත් වසරේ මාර්තු මාසයේදීය. ඒ, ටියුනීසියාවේ ඊජිප්තුවේ සහ ලිබියාවේ විරෝධතා සහ ආණ්ඩු පෙරැළි ආරම්භ වූ අවධියේදීය. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි, සිය හමුදාව සහ කුලී හේවායන් යොදා එම විරෝධතා මර්දනය කළ අවස්ථාවේදී, ලිබියා විරෝධතාකරුවෝ ආයුධ සන්නද්ධ කැරැුලිකරුවන් පිරිසක් ලෙසින් රජය සමඟ ගැටුම් ඇති කර ගත්හ. එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලව විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාවකට අනුව, ඇමෙරිකාවේ ද මැදිහත් වීම මත, නේටෝ ගුවන් හමුදා ගඩාෆිගේ රජයේ හමුදාවලට පහර දුන්නේය. ගඩාෆි මරා දැමීමටත් ඔහුගේ පාලනය අවසන් කිරීමටත් ලිබියා කැරැලිකරුවන්ට හැකිවූයේ ඉන් පසුවය. නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් ලිබියා සිවිල් වැසියෝ රැුසක් ජීවිතක්ෂයට පත්වූහ. සිවිල් වැසියන් අමු අමුවේ මරා දැම්මා යැයි නේටෝවට මේ වනවිට චා්දනා එල්ල වෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පැවැත්වේ. ඇෆ්ගන් සංග‍්‍රාමයට මැදිහත් වී, අපකීර්තියට පත් වූ නේටෝව, ලිබියා අර්බුදයට මැදිහත් වූ නිසා තව තවත් අපකීර්තියට පත් විය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිරියාවට අත තියන්න කිසිම අදහසක් නැහැ
නිෂාඩ් Wednesday, 23 May 2012 08:54 AM
ඔවු ඉතිං.මේ අය තවම අපායට විතරයි අත තිබ්බේ නැත්තේ.ළගදීම ඒකත් වෙයි