ඇමෙරිකාව ප්රමුඛ බටහිර බලවතුන් ලිබියාවට මෙන් සිරියාවට අත තැබුවොත්, මුළුමහත් මැද පෙරදිග කලාපයම අස්ථාවර වනු ඇතැයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි. බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන අසාද් මේ බව කියා සිටියේ බි්රතාන්යයේ ‘සන්ඬේ ටෙලිග්රාෆ්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සිරියා ජනතාව තමාට එරෙහිව උසි ගන්වන්නේ ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය යැයි ජනපති අසාද් චෝදනා කරයි. ”සිරියාවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඊජිප්තුවේ, ටියුනීසියාවේ සහ යේමනයේ මෙන් සිරියාවේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී නැහැ. සිරියාවේ දේශපාලනයත් අනෙක් රටවල මෙන් නොවේ” යැයි ජනපති අසාද් පවසයි. ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ලිබියාවේ මෙන් සිරියාවට එරෙහිවද හමුදා මෙහෙයුමක් ආරම්භ කළොත් සිරියාවටත් සෙසු මැදපෙරදිග රටවලටත් අත්වන්නේ ඇෆ්ගනිස්තානයට සිදුවූ දේ යැයි ජනපති අසාද් කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මීට මාස හතකට ඉහතදී සිරියාවේ ආරම්භ වූ ජනතා නැගී සිටීම හේතුකොට ගෙන සිරියානු සිවිල් වැසියන් 3,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඒ අතර කුඩා දරුවන් 200 දෙනකු සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය එළිදැක්වූ වාර්තාවක සඳහන් වේ. සිරියා රජය පවසන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් සිරියා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවය. සිරියා ජනපතිවරයා අවධාරණය කරන්නේ ආරක්ෂක අංශ පහර දෙන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට මිස සිවිල් වැසියන්ට නොවන බවය. ඇමෙරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් නමුත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ රුසියාව ඊට විරුද්ධ විය. යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව හමුදා මැදිහත් වීමක් සිදු කළහොත් ඊට මුහුණ දීමට සිරියාවට ශක්තියක් ඇති බවය. ලිබියාවට වඩා සිරියාවේ හමුදා ශක්තිය වැඩි බව ද යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියාවට අත තිබ්බොත් මැද පෙරදිග අස්ථාවර වේවි