IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියානු කඳුකරයේ දරුණු ගැටුම්

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව අවි අතට ගෙන සටන් කරන කැරැලිකරුවන් සහ රජයේ හමුදා සෙබළුන් අතර ඊයේ (5) එරට ජබල් අක්රාද් කඳුකරයේ දරුණු ගැටුම් හටගත්තේය.

ගැටුම් හටගත්තේ ජබල් අක්රාද් කඳුකරයේ බරූඩා ගම්මානයේ සිරියානු රජයේ හමුදාවට අයත් හමුදා මුරපොළට කැරැලිකරුවන් පහර දීමට පැමිණි අවස්ථාවේදීය.

මුරපොළට කැරැලිකරුවන් පහර දීම ආරම්භ කළ අවස්ථාවේදී, මුරපොළේ සිටි සෙබළුන්ගේ සහායට හමුදා බළඇණියක් ද යැවු බව සිරියානු රජය පැවැසීය.
බරූඩා ගම්මානයේ මුරපොළට පහර දීමට කැරැලිකැරුවන්ට අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ ද සහාය හිමිවූ බව සිරියානු හමුදාව කියා සිටී.

මේ අතර සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ කියා සිටියේ සිරියානු කැරැුලිකරුවන් මර්දනය කිරීමට දඬදඬු කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළ යුතු බවය.

සිරියා රජයේ හමුදාවට කැරැලිකරුවන් සහ ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය සිරියානු රජයට සහාය පළ කිරීම නිසාය.

එම හේතුව නිසා හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ද යුරෝපා සංගමය තීරණය කර ඇත. රටවල් 28 කින් සමන්විත  යුරෝපා සංගමය එම තීරණය ගත්තේ, දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් ද පසුවය. ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු, විදේසවලින් එම සංවිධානයට ලැබෙන ආධාර අහිමි වනු ඇති අතර එම සංවිධානයට යුරෝපා සංගමයට අයත් රටවලින් ආධාර ලබා ගැනීමට ද නොහැකි වෙයි.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින සිරියානු අර්බුදය මේ වනවිට නව මුහුණුවරක් ගෙන ඇත. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසටය.



අදහස් (0)

සිරියානු කඳුකරයේ දරුණු ගැටුම්

රෝම Tuesday, 06 August 2013 12:59 PM

මේ දෙගොල්ලොම ලෝකයට තර්ජනයක් . මේ අයට හැමතිස්සෙම ලේ දකින්ඩ ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 134 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 87 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 78 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 288 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site