IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සොරුන්ගේ හිත උණු වේ

තමන් සොරාගත් බඩුබාහිරාදිය නැවත හිමිකරුවන්ටම භාරදීමට කටයුතු කළ සොරමුලක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ සාන්ත බර්නාඩිනෝ ප‍්‍රදේශයෙනි.

සාන්ත බර්නාඩිනෝහි ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටිනා ලාභ නොලබන ආයතනයකට රැයේ කඩාපැන ඇති මේ සොරමුල එම ආයතනයේ තිබූ පරිගණක හා අනෙකුත් කාර්යාලීය උපකරණ සියල්ල සොරාගෙන ගොස් තිබේ.

දිනක් දෙකක් ගතවූ පසු කාර්යාලය ඉදිරිපිට සොරකම් කරනු ලැබූ පරිගණක ඇතුළු බඩු බාහිරාදිය ගොඩගසා තිබෙනු දැකගත හැකිවිය.ඒවා සමග වූයේ සොරුන් තබා ගිය සටහනකි.

‘‘අපට කිසිම අදහසක් තිබුනේ නැහැ අප මොනවද මේ සොරකම් කරන්නේ කියලා.මෙන්න ඔබේ බඩු මුට්ටු සියල්ල. පීඩාවට පත්වු මිනිස්සුන්ට පිහිට වන්නට ඔබලාට ශක්තිය ලැබේවා. දෙවි පිහිටයි‘‘ යැයි එම සටහනේ සදහන් වේ.

සොරුන් පරිගණක වල තිබූ අඩත්තේට්ටම් වලට පත්වූවන්ගේ තොරතුරු හා තම ආයතනය කි‍්‍රයාත්මක කර තිබූ ව්‍යාපෘතී ගැන තොරතුරු දැකීමෙන් මෙම තීරණයට එළැඹෙන්නට ඇතැයි ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ කැන්ඩි ස්ටාලින්ග්ස් කියයි.

සොරකම් කරනු ලැබූ බඩුබාහිරාදිය නැවත හිමිකරුවන්ටම භාරදුන් අවස්ථාවක් දැක්කාම යැයි සාන්ත බර්නාඩිනෝ පොලිසියේ ලූතිනන් පොල් විලියම්ස් පවසයි.සොර මුලක් වුවත් හෘද සාක්කියක් ඇතියවුන් පිරිසක් බව පෙනේ යැයි ඔහු කියයි.



අදහස් (0)

සොරුන්ගේ හිත උණු වේ

විකී Sunday, 11 August 2013 05:15 PM

විශිෂ්ටයි! (නි)

:       0       0

පද්මිණි Sunday, 11 August 2013 11:26 AM

අනේ හොදයි මිනිස්සු උනාම ඔහොම වෙනවා

:       0       0

චන්දා Sunday, 11 August 2013 12:09 PM

සංවේදීකම කියන්නේ ඕවට නරියනේ වැලිවේරියේ නැතුවට.(නදී)

:       0       0

චමත් Tuesday, 13 August 2013 09:03 AM

එහෙම තමයි, ඒ රටවල හොරකම් කියන්නෙත් රස්සාවක්. එයාලට ඒ වෘත්තියේ නීති, ආචාර්යධර්ම තියෙනවා. සෝමාලියාවේ එහෙම ජාතික ආදායමෙන් විශාල කොටසක් මුහුදු කොල්ලකෑම් වලින්ලු හොයන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 265 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 593 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4099 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 449 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2599 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site