සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවර වීදිවල හමුදාව දක්නට ඇතැයි රොයිටර් හා ඒ.එෆ්.පී ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බදාදා (31) විපක්ෂ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර ඇති ගැටුම්වලින් පසු තරමක සාමකාමී බවක් දක්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිම්බාබ්වේ පාලක සානු පී.එෆ් පක්ෂය මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ප්රජාතන්ත්රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරය පක්ෂය ප්රමුඛ විපක්ෂ කණ්ඩායම් හරාරේ නුවරට පැමිණි ඊයේ (1) විරෝධතාවල නිරත වූහ.
එම විරෝධතා අතරතුරදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවිය. විරෝධතාකරුවන් පොලිසිය දෙසට ගල්වලින් පහර දුන් අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීම පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ගැටුම්වලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බ්‍රහස්පතින්දා එනම් අද (2) හරාරේ අගනුවර කඩසාප්පු රැසක් වසා තිබූ බවත් දක්නට සිටියේ හමුදා සාමාජිකයන් පමණක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ප්රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ නෙල්සන් චමීසා ප්රමුඛ විපක්ෂය යැයි වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා පැවැසීය. තමන් ජනාධිපතිවරණය ජයගෙන ඇතැයි නෙල්සන් චමීසා පැවැසූ අතර විරෝධතා ආරම්භ වූයේ ඔහු එලෙස ප්‍රකාශ කළ පසුවය.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම මෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් ද ගැටලු ඇතැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
සිම්බාබ්වේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් මැතිවරණය පවත්වන ලද්දේ ජූලි 30 වැනිදාය.
ඒ.එෆ්.පී/රොයිටර්
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිම්බාබ්වේ අගනුවර වීදිවලට හමුදාව
Nuwan Thursday, 02 August 2018 02:45 PM
අපිටත් ඕන මේ වගේ පාලනයක් තමයි ජයවේවා