IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සුදු කත අලියාට පණ වගේ ආදරෙයි

අලි රැක බලා ගැනීමට තම ජීවිතයම කැප කරන එංගලන්ත තරුණියකි . රැචියල් මර්ටන් (33)  නම් ඇය ජීව විද්‍යා උපාධිධාරිනියකි.

අවුරුදු 2, 3ක් වන ඇත් පැටවුන් 6 දෙනෙකුට මවක් වී ඇති රැචියල් දකුණු අපි‍්‍රකාවේ එකම අලි බාලාංශ අනාථාගාරය පවත්වාගෙන යයි. එසේම ඇත් පැටවුන් පවා ඇයට බෙහෙවින් ආදරය දක්වන බව පෙනේ.

තුවාල වු අලින්ට ප‍්‍රතිකාර කිරීම, අලින්ට උපරිම ආරක්ෂාව, අවශ්‍ය ආහාර පාන සැපයීම පමණක් නොව කටු චිකිත්සාවෙන් අලින්ගේ රෝග සුව කිරීමද මෙහිදී ඇය අතින් සිදු වේ. එසේම ඇය පැය 24ම සතුන්ගේ ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින බවද පැවසේ.

උපාධිය නිමවූ පසු ලොව වටා සතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වූ ඇය 2008 දී සැම්බියා රාජ්‍යයට පැමිණියාය.

ඇත් දළ ගැනීමට සැම්බියාවේ අලි විශාල සංඛ්‍යාවක් දඩයම් කරන බව දැන ගත් ඇය එතැන් පටන අලි රැක බලා ගැනීමට එහි නතර විය. මේ දක්වා එම අරමුණ ඉටු කර ගැනීමට ඇය මහත් වෙහෙසක් දරණුයේ සතුටිනි. පවුලේ අය පවා අමතක කෙරුවේ තමා සතුන්ට ඇති ආදරය නිසා බව ඇය පැවසීය.

අන්තර්ජාතික සත්ව සුබසාධන අරමුදල සමග එක්ව සැම්බියාවේ අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති රැසක් කිරීමටද ඇය බලාපොරොත්තුවෙන් සිටියි.

 

 



අදහස් (0)

සුදු කත අලියාට පණ වගේ ආදරෙයි

පියල් Friday, 07 March 2014 10:43 AM

මේ වගේ සුර දුතිකාවන් හොයා ගන්න එක නිකිණි හොයනවට වැඩ අමාරු වැඩක්.(නදී)

:       0       0

නිමල් Friday, 07 March 2014 10:58 AM

බුද්ධාගමට අනුව අපි මැරුණම මනුෂ්‍ය ආත්මයක් ලබන ඉඩ කඩ කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා තාරම් විරලයිලු. මේවා මතක තියාගෙන අපි හැම සතෙකුටම අනුකම්පා කල යුතුයි. මේ සතුන්ටත් හැගීම් දැනීම් තියනවා කියල උන්ව ඇති කරන අයට තේරෙනවා. (නදී)

:       0       0

ලක්මාල් Friday, 07 March 2014 12:11 PM

ලංකාදීපයට ඉස්තුති. වටිනා ලිපියක් සමග වටිනා රුප රාමු පෙළක්. රුචියල් මාර්ටින් තුමියට ශක්තිය ලැබේව අයගේ මහගු කාර්යයට. අයගේ හදවත වගේම ලස්සන කෙනෙක්. අද සමාජයට ආදර්ශයක්. (අ)

:       0       0

පිටිගල Thursday, 06 March 2014 03:38 PM

දකින්නට, අසන්ට, ප්‍රිය උපදවන පුවත් ගෙනෙන ලංකාදීපයට තුති!(දිල්)

:       0       0

පහන් Thursday, 06 March 2014 07:58 PM

පේළියට එන ලස්සන...(නදී)

:       0       0

විද්‍යා Friday, 07 March 2014 01:35 AM

මේ තරුණ හදවතේ තමා ජීවමාන දෙවියන් වැඩ සිට්න්නේ. මේ කැලේ තමයි ඇයගේ දේවාලය.(නදී)

:       0       0

ශ්‍රීමා Friday, 07 March 2014 01:54 AM

අසන්නට ලැබුන ලස්සන පුවත්.(නදී)

:       0       0

බොතේජු Friday, 07 March 2014 04:59 PM

මේකට ලියල තියන හැමෝගෙම අදහස් වලට මාත් එකගයි.(නධී)

:       0       0

හේමන්ත Friday, 07 March 2014 08:25 AM

හරිම ලස්සන දසුන් පෙළක්. ඉතාම අගනා සේවයක්. (නදී)

:       0       0

සාගර Friday, 07 March 2014 09:11 AM

මාරම ලස්සන දසුන් පෙළක්. මෙවැනි අය මේ ලොවේ දෙවිවරු වේ. (අ)

:       0       0

විද්‍යා Friday, 07 March 2014 09:07 PM

නිමල්, ඔබගේ අදහස මම අගය කරමි.(නදී)

:       0       0

අචිර Friday, 07 March 2014 10:16 PM

සතුන්ට වඩා මිනිසුන්ට ආදරය , සේවය කල යුතුයි. නැතිව ලෝකයට පෙන්වන්න මෙහෙම මෝඩ වැඩ නොකළ යුතුයි. මෙම කාන්තාව ගෙදර අය අමතක කර මෙම කරන කාර්යය පල රහිතයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 171 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 86 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7085 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site