IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෞදියේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

සෞදි අරාබියේ දමාම් ආසන්නතම ප්‍රදේශයක් වන අනොඋඩ් ජුම්මා පල්ලියේ සිකුරාදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ හතර දෙනෙක්වත් ජිවිතක්ෂයට පත්වී ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා (29)දහවල් සලා හෝරාවේදී පල්ලිය වෙත පැමිණි කාන්තාවන් පළදින කළු කබායකින් සැරසී පැමිණි අයකු  පිළිබඳව සැක සිතු සෞදි ආරක්ෂක නිලධාරින් ඔහු ඉවත් කිරීමට සැරසි අවස්ථාවේ මෝටර් රථයට පැමිණි සැකකරු තමා සන්තකයේ තිබු බෝම්බය පුපුරුවා හැර ඇත.

මෙම ප්‍රහාරයෙන් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර නවතා තිබු වාහන කිහිපයක් විනාශ වී ඇත.මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට දින කිහිපයකට පෙර මෙවැනිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දමාම් ආසන්නයේ ඇති කතිෆ් ප්‍රදේශයේ 21 දෙනෙකුට මිය ගිය අතර සියයකට අධික පිරිසක් බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත.

කෙසේ වුවද එළඹෙන රාමසාන් මාසයේ ඇති වියහැකි අවදානම් තත්වයන්ට මුහුණදීම සදහා සෞදි ආරක්ෂක අංශ විශාල ආරක්ෂක වැඩපිළිවෙලක් යොදනු ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

 

 

 



අදහස් (0)

සෞදියේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

චන්න බුවනක Sunday, 07 June 2015 02:31 PM

එකම ආගමක් කොටස් දෙකක් අතර ප්‍රශ්නයක් තියෙන්නේ.(නදී)

:       0       0

විජිත Sunday, 31 May 2015 08:17 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 03 June 2015 03:41 PM

ආගම අදහන්නේ කාටත් කරුණාව, මෛත්‍රිය දක්වන්නයි.(බ)

:       0       0

අබ්දුල් Monday, 01 June 2015 12:56 AM

ලංකාවේ අපේ කොල්ලන්ට නම් මොකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

වික්‍රමසිංහ Monday, 01 June 2015 11:25 AM

අවි ගතෝ අවියෙන්ම නැසෙත් කියන්නේ ඕකට. ඔහොම වෙන්ට ඕනේ මේ ගොල්ලන්ට ලෝකෙටම විෂබීජ දානවට.(ම)

:       0       0

වික්‍රම Monday, 01 June 2015 11:28 AM

අශෝක හරියටම හරි. (ස)

:       0       0

හේමන්ත Wednesday, 03 June 2015 04:50 PM

සිල්වා, ඔබගේ අදහස බොහොම හොඳයි. නමුත් අපි පමණක් එහෙම හිතුවහම අපිමයි අමාරුවේ වැටෙන්නේ. (නි)

:       0       0

අශෝක රළපනාව Sunday, 31 May 2015 11:14 AM

මට මේ පුවතට වඩා මිහිරි හුරතල් සුන්දර පුවතක් ආයේ කවදාවත් අහන්න නොලැබේවි. කබායේ අරුමේ හාහ් හාහ් හා හා හා මට මේවට හිනා...(බ)

:       0       0

පාලිත Monday, 01 June 2015 12:31 PM

වැපිරූ තරමට අස්වැන්න ලැබෙනවා (නි)

:       0       0

ඇල්බට් අඹතලාව Sunday, 31 May 2015 11:51 AM

හැම ආගමක්ම එකයි කියන අය ඔන්න මේ ආගම නම් අනිත් ආගම් එක්ක සසඳනවා එහෙම නෙමෙයි හො‍ඳේ! (නි)

:       0       0

නුවන් Sunday, 31 May 2015 12:56 PM

තම ආගමේම සහෝදරයෝ එක්ක සහයෝගයෙන් ඉන්න බැරි ජාතියක් අනිත් ආගම් එක්ක සහයෝගයෙන් එකට ඉන්නේ කොහොමද? (නි)

:       0       0

ලාල් Sunday, 31 May 2015 12:59 PM

මුහුණ ආවරණය කළ හෙල්මට් එකට වඞා,සම්පුර්ණයෙන් ශරිරය වසාගෙන අඳින ඇඳුම් ගැන අවධානයෙන් සිටිමට අපට ළඟදීම සිදුවේවි. (නි)

:       0       0

තුවාන් Monday, 01 June 2015 06:17 AM

දැන් මෙතන ප්‍රශ්නය මොකක්ද? (බ)

:       0       0

ශාන් Monday, 01 June 2015 06:57 AM

අශෝක රළපනාව ඔබ හරි එය එසේම වේවා. (ස)

:       0       0

චන්න බුවනක Sunday, 31 May 2015 02:32 PM

අපි රස්සාව කරන්නේ මේ නගරයේ. ලංකාවේ මිනිස්සු ගොඩක් මෙම නගරයේ ඉන්නවා.(කේ)

:       0       0

කිත්සිරි Monday, 01 June 2015 07:28 AM

අසෝක සතෙක් වගේ හැසිරෙන්න එපා. මිනිහෙක් ට කරදයක් උනා නම් . ඒ මිනිස්සුටත් පවුල් තියනවා ...හිතන්න කවුරුත් මිනිස්සු. (ස)

:       0       0

විජේතුංග Sunday, 31 May 2015 03:28 PM

කවදාද මේවා අවසන් වෙන්නේ? (නි)

:       0       0

සිල්වා Sunday, 31 May 2015 03:48 PM

අශෝක රළපනාව, මෝඩයෙක් වගේ මෙතන ලියන්න එපා. ලෝකේ කොහේ හිටියත් මනුස්සයෝ හැටියට හිතන්න ඕනෑ. (නි)

:       0       0

ෆෙර්ණැන්දෝ Monday, 01 June 2015 03:12 PM

කණගාටුයි (නි)

:       0       0

නීලා Monday, 01 June 2015 08:20 AM

මෙවැනි ක්‍රියා තරයේ හෙළාදකිමු (නි)

:       0       0

සම්පත් Monday, 01 June 2015 08:22 AM

එකක් කියන්න ඕනෑ.මේ රටවල ඉන්න අය පිටරටකින් ඇවිල්ලා වැඩකරන අය සළකන්නේ වහල්ලුන් විදිහට.මොවුන්ගේ තියන උද්දච්චකම දන්නේ මෙහෙ වැඩකරන අය විතරයි.හැබැයි සුද්දන්ට බයයි.ඒ කොහොම වුණත් අහිංසක මිනිස්සු නම් මැරුනේ, ඒකට කණගාටුයි.අසෝකට දොසක් කියන්න හිතෙන්නෙත් නැහැ. (නි)

:       0       0

බුද්දික Sunday, 31 May 2015 04:46 PM

සෞදි අරාබියේ වැඩකරන මම සහ පවුලේ සියලු දෙනාම ජීවත්වන්නේ සහ ඉන්න නිවහනක් හදාගත්තේ මෙම රටෙන් ලබන අදායම නිසා.ඒ වගේම ලක්ෂ ගණන් ලාංකිකයන් මෙහෙ වැඩකරනවා.ලංකාවේ දැනට ප්‍රධාන ආදායම් මාර්ගය රට රැකියාවයි.එමනිසා අසෝක වගේ අය කට වහගෙන ඉන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 77 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 174 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1449 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 721 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site