වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
සෞදි අරාබියේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි එරට ප්‍රධාන පෙළේ නිලධාරිනියක් ඉකුත් දා ප්‍රකාශ කළාය.
රිය පැදවීමට අවසර දීමෙන් හෝ පාපන්දු තරග නැරඹීමට අවස්ථාව දීමෙන් හෝ පමණක් කාන්තාවෙන් ගැටලු නොවිසදෙන බව කී ඇය කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සෞදි අරාබිය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව කීවාය.
“මේවා අපි ලබපු කෙටිකාලීන් ජයග්‍රහණ. අපි දන්නවා ඔවුන්ට කරන්න පුළුවන්. කාන්තාවන් රිය පදවනවා. පාපන්දු තරග නරඹන්න එනවා. ඉතා හොඳයි. හැබැයි රිය පැදවීමෙන් පමණක් කාන්තාවන් මුහුණ දෙන ගැටලු විසදෙන්නේ නැහැ. අප දිනාගත යුතු කාන්තා අයිතිවාසිකම් රැසක් තිබෙනවා” යැයි වොෂින්ටන්හිදි ආත්ලාන්තික් කවුන්සිලය අමතමින් මෙම කරුණු සඳහන් සෞදි අරාබියේ රීමා බින්ත් බන්දාර් අල් සෞද් කුමරියයි.
සෞදි අරාබිය ඛනිජ තෙල්වලින් ලබන ආදායම් අඩු වීමත් සමඟ සෞදි අරාබිය සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. එහි එක් වැඩසටහනක් ලෙසින් සෞදියේ සල්මාන් රජු කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දුන්නේය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඒ බව නිවේදනය කෙරුණු අතර මේ වසරේ ජූනි මාසයේ සිට එය ක්‍රියාවට නැංවෙනු ඇත.
සෞදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට නොහැකි එකම රට ලෙසින් හැඳින්වෙයි. මේ වසරේ ජනවාරි මාසය තෙක් කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීමට ද අවස්ථාවක් නොතිබිණි.
055
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෞදියේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය