මිහිතලය උණුසුම්වීමෙන් සිදුවන විනාශය දැක බලා ගැනීමේ සවාරියක් 2016 අගෝස්තු මස 16 දා ආරම්භ කිරීමට නියමිතය.
අධි සුඛෝපභෝගී නෞකාවකින් මේ සවාරිය යාමට නියමිතය. ඇලස්කාවෙන් ආරම්භකරන මේ ගමන දින 31 ට පසු නිව්යෝර්ක් නගරයෙන් අවසන් කිරීමට නියමිතය.
මේ ගමනේ දී අයිස් කඳු දියවී උත්තරධ්රැවය විනාශ වෙමින් යන ආකාරය. හිම වළසුන්, පෙන්ගුවින් වැනි ශීත දේශගුණයේ ජීවත්වන සතුන් නැරඹීම හා මිහිතලය උණුසුම් වීමෙන් මේ සතුන් පීඩාවට පත්ව සිටින ආකාරය දැක ගැනීම මේ ගමනේ අරමුණ බව සංවිධායකයෝ කියති.
ගමන සඳහා යොදා ගන්නේ මහල් 13 කින් යුතු නෞකාකි. සියළු පහසුකම්වලින් යුතු මේ නෞකාවේ 1070ට ගමන් කිරීමේ ඉඩකඩ ඇත. ටොන් 68,000ක් බරැති නෞකාව උත්තර ධ්‍රැවයේ පිහිටි දූපත් හා අයිස් කඳු අතරින් ගමන් කිරීමට නියමිතය.
දැනටමත් මේ සඳහා පූර්ව ප්රචාරක කටයුතු ආරම්භ කරමින් අත් පත්‍රිකා පවා බෙදා දෙමින් තිබේ. සංවිධායකයන් පවසන්නේ මේ ගමනට සහභාගී වන අයකුගෙන් ස්ටර්ලිං පවුම් 25,000ක් හෙවත් රුපියල් 5,550,000.00 ක් අයකිරීමට සිදුවන බවයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සීත හිමේ චාරිකාවක්
සංජිව Tuesday, 05 August 2014 05:59 AM
මේක හැමෝමටම බලපාන අති බයංකාර ප්‍රශ්නයක් කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ ධ්රවවල හිම දියවීමෙන් දැනටමත් සාගරවල ජල මට්ටම විශාල ලෙස ඉහල යමින් පවතිනවා.අපි වගේ දුපත් රටකට මෙය ඉතා නරකලෙස බලපානව තවද මෙනිසා කාලගුණයත් ඉතා වේගයෙන් වෙනස්වෙමින් පවතිනවා . (දී)
සන්සුන් Tuesday, 05 August 2014 05:32 PM
මට පොඩි ගානක් මදි ඔය ගමනට. මම ළඟ දෙනාට ඉතුරු කරගත්ත ගානක් තියනවා. තව £ 24999 වගේ මදි. බලමු. ලැබූනොත් යනවා (දී)
නෙහාරා Tuesday, 05 August 2014 07:58 AM
මට නම් පොඩි අදහසක් තියනවා ඔය ගමන යන්න (නි)
කුමාර් Tuesday, 05 August 2014 12:15 PM
ඇයි "ඇසළ" ඔයාට අමතක උනාද අපේ රටේ ලොකුම සල්ලි කාරයෝ ටික, එයාල හරිම පරිසර හිතකාමී. (දී)
ඇසළ Tuesday, 05 August 2014 04:08 AM
බොරු කියන්න ඕනේ නැහැ අපිට නම් බැහැ ඔච්චර ගානක් වියදම් කරන්න. නමුත් ආඩම්බරයි කියන්න අපේ කොච්චර දේසපාලන උත්තමයෝ ඉන්නවද පවුල පිටින්ම ඔය ගමන යන්න පුළුවන්.(නදී)