IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සැතපුමක් වේගයෙන් යන ක්‍රමයක් එයි

පිටේ බැඳගෙන යා හැකි කුඩා රොකට් කිහිපයක් සවිකර ඇති උපකරණයක පිහිටෙන් මිනිසුන්ට අදිසි වේගයක් අත්කර ගත හැකිවේදැයි සම්බන්ධව ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.

‘‘ජෙට් පැක්‘‘නම් වන මේ උපකරණය මෙතෙක් චිත්‍රපට වලට හා කාටූනයන්ට පමණක් සීමාව තිබුණද දැන් එය යථාර්ථයක් වන අයුරු පෙනෙන්නට තිබේ.

ඇමරිකා ආරක්ෂක අංශ යුද පිටියේදී හමුදා භටයින්ට අඩු වෙහෙසකින් වැඩි දුරක් දිවීමට හැකියාව ලබාදෙන උපකරණයක් සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමක් නිසා මෙම පර්යේෂණයන් සිදුකරන බව පර්යේෂකයෝ කියති.

පර්යේෂකයින්ගේ අරමුණ සැතපුමක දුරක් විනාඩියකින් ගෙවා ගැනීමට යොදා ගත හැකි උපකරණයක් නිපදවීමයි.

රොකට්ටු ආධාරයෙන් කළ පර්යේෂණ වලින් යම් තරමක සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවූ බව ඔවුහු පවසති.

රොකට්ටු වලින් දිවීම පහසුකරවීම කෙසේ වෙතත් ඒවායේ සැර බාල කර ඇති හෙයින් ගුවන් ගතවනු ඇත්දැයි බිය විය යුතු නැති බව ඔවුහු කියති.

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් රොකට්ටු සවිකරන ලද උපකරණය පැළද සැතපුමක් දුර දිවීමේදී එම දුර දිවීමට සාමාන්‍යයෙන් ගතකරන කාලයෙන් තත්පර 18 ක් පමණ අඩුකර ගත හැකිව ඇතැයි සදහන්ය.

උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමේ කටයුතු කෙරෙහි පර්යේෂකයෝ යොමුව සිටිති.

1410520596179_wps_17_image002_png



අදහස් (0)

සැතපුමක් වේගයෙන් යන ක්‍රමයක් එයි

සෑඹ් Monday, 15 September 2014 01:03 PM

ෂා අපරාදේ කලින් මේක හැදුවා නම් උෟවේ ඡන්දෙට අපේ අපේක්ෂක මහත්වරුන්ට විකුණා ගන්න තිබ්බා ගෙවල් ගානේ ගිහින් මනාපේ ඉල්ලාගන්න (නදී)

:       0       0

සමන් Tuesday, 16 September 2014 06:59 AM

ඕක ලංකාවට ආවානම් ඊළඟ දවසේ පත්තරේ තියේවි පයින් ගිය දෙන්නෙක් හැපී නසී කියල. (අ) .

:       0       0

සපුමල් Monday, 15 September 2014 06:08 PM

කෙනත් ඔබ හරි, අද මෝඩයන් බොහොමයක් බුද්ධං සරණං ගච්චාමි නොවෙයි , රමායන සරණං ගච්චාමි සහ රාවන සරණං ගච්චාමි වෙලා ඉන්නේ. ඔවුන් බෞද්ධයන්ට වඩා ආත්ම වාදයකට යන රාවණාගේ නැගිටීම ගැන දත නියවගෙන බලාගෙන ඉන්න අතර සිංහල බෞද්ධ උරුමයට පහර ගසමින් සිටින නිවට රැලකි. (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 05:51 AM

"ජෙට් පැක්' පර්යේක්ෂණ සාර්ථක වේවායි පතමු ! අපට බස්රියකින් කොළඹ යනවානම් අවම පැය 2,1/2 ක් ගතවෙනවා.මේ ක්‍රමයෙන් පයින් ගියත් ගතවෙන්නේ විනාඩි 49 යි.සොල්දාදුවන්ට වඩා වටින්නේ අපිට.කෙසේවෙතත් ඇමෙරිකාව යුද්ධය පවතින රටවල දත් ගලවන්නමයි මාන බලන්නේ ! (අ)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 15 September 2014 06:07 AM

අපෝ ඕක අපේ රටට ආවනම් දැන් ත්‍රිරෝද රථ වලට වෙනදේ තමා වෙන්නේ. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 15 September 2014 07:58 AM

තාක්ෂණයේ දියුණුව ඉහළයි.(දිල්)

:       0       0

නිශාන්ත Tuesday, 16 September 2014 12:07 AM

ඇමරිකාව නව සොයාගැනීම් කරනකොට සමහර ළිං මැඩියෝ බක බක ගානවා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 16 September 2014 12:37 AM

දේශපාලනයට ඇවිල්ලා එකපාරටම මන්ත්‍රීවරුන් ඉහළ යන වේගය ගැන ඇමෙරිකානු පර්යේෂකයින් තවම දන්නේ නැති පාටයි. (නි)

:       0       0

ටිකිරි Monday, 15 September 2014 10:33 AM

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් රොකට්ටු සවිකරන ලද උපකරණය පැළද සැතපුමක් දුර දිවීමේදී එම දුර දිවීමට සාමාන්‍යයෙන් ගතකරන කාලයෙන් තත්පර 18 ක් පමණ අඩුකර ගත හැකිව ඇතැයි සදහන්ය. තත්පර 18 ට ඔච්චර දුක් වෙන්න ඕනෙද? (නදී)

:       0       0

කුමාර Tuesday, 16 September 2014 02:01 PM

ඔන්න ලේසියෙන් බෙල්ල කඩාගන්න වැඩක්, අපේ අයට දුන්නොත් දෙකක් දාගෙන ගිහිල්ල වාහනයකට අඩයක් තියයි. (අ)

:       0       0

හේමන්ත Monday, 15 September 2014 12:52 PM

මානව හිමිකම් ගැන හිතල ඕක ඉස්සර වෙලාම ත්‍රස්තවාදීන්ට දීල ඊට පස්සේ හමුදාවන්ට දෙයි මයේ හිතේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 71 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 161 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 127 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1397 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 428 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 679 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1501 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site