IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සාකච්ඡා අසාර්ථක වුණොත් පෙබරවාරි 15 ට පසු නැවතත් අර්බුදයක්

දේශසීමා ආරක්ෂාව පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වුවහොත් පෙබරවාරි 15 දායින් පසු නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය. 
 
 අකර්මන්‍ය වී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගනිමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කළේය. 
 
 කොටස් දෙකකින් සමන්විත කොංග්‍රසයේ සෙනට් සභාවේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.
 
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. මේ අනුව අර්බුදය නිමා කරමින් සති තුනකට මුදල් වෙන් කෙරෙන පනත් කෙටුම්පතක් සෙනට් සභාවේදී සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඊට අත්සන් කිරීමට නියමිතය. 
 
එම සති තුනක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම සඳහා මුදල් ලබා නොදීම  නිසා ඇමෙරිකා රජයේ කටයුතුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අකර්මනය විය.
 
 රාජ්‍ය සේවකයෝ 800,000කට වැඩි පිරිසක් වැටුප් නොලබා ඔවුන්ගේ රාජකාරීවල නිරත වූහ.  


 එම අර්බුදය දින 35කට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති අතර බොහෝ පිරිසකගෙන් එල්ල වූ පීඩනය හමුවේ අඩියක් පිටුපසට ගනිමින් අකර්මන්‍ය වී තිබූ රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය. 
 
 පසුගිය දෙසැම්බර් මාසයේදී මේ වසර සඳහ මුදල් වෙන් කෙරෙන පනත් කෙටුම්පත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පය ඉදි කිරීමට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක මුදලක් වෙන් කරන්නැයි ට්‍රම්ප් ඉල්ලා සිටියේය.
 
 එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඊට ප්‍රතිචාර ලෙස අදාළ පනත් කෙටුම්පත්වලට තමන් අත්සන් නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ දෙසැම්බර්
 
 මාසය සහ මේ වසර සඳහ මුදල් වෙන් නොකිරීමත් සමඟ රජයේ කටයුතුවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් අකර්මන්‍ය විය. 
 
 මේ අනුව දේශසීමා ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ කොටස් දෙක වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාව නියෝජනය වන පරිදි කමිටුවක් පත් කර තිබේ.
 
 එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇති වී තිබූ අර්බුදය නැවත වරක් ඇතිවනු ඇතැයි ද ට්‍රම්ප් කීවේය. එම සාකච්ඡා අසාර්ථක වුවහොත් කොංග්‍රසයේ අනුමැතිය නොමැතිව තාප්පයට මුදල් වෙන් කිරීම සඳහා ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව ද ට්‍රම්ප් පැවැසීය.
 
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අඩියක් පසුපසට ගනිමින් සාකච්ඡාවලට ඉඩ සලසා අකර්මන්‍ය වී තිබූ රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 
 
 
රොයිටර් ඇසුරිනි
 
055



අදහස් (0)

සාකච්ඡා අසාර්ථක වුණොත් පෙබරවාරි 15 ට පසු නැවතත් අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 202 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 122 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 142 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 44 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 885 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site